Chapter 4 🏆️

73 23 39
                                    


ජන්කුක් කඩිමුඩියේ තැබෑරුමට ආවත් හෝසෙඔක් කියන පුද්ගලයා තවම පැමිණ සිටියේ නැහැ ... සැනසුම් සුසුමක් හෙලුව ජන්කුක් තම රවුම් කණ්නාඩිය නහය මතින් තල්ලු කරගන ඒකත් හදාගන්න ගමන් තැබෑරුමට ඇතුල් වෙද්දි ඒ වෙද්දිත් පැමිණ සිටිය හැමෝම වගේ ජන්කුක් ව හඳුනගත්තා...

" ඔහ් ජේකේ ... අද වේලාසනම ? "
බාර් කවුන්ටරයේ සිටි ඒ කෙනා ජන්කුක් ගෙන් එහෙම ඇහුවා..

" අහ් මේ ඔව් .. කෙනෙක් ව මුණගැහෙන්නත් එක්ක මම මේ ආවේ ... "
ජන්කුක් මෝඩපහේ හිනාවකින් ඔහුට සංග්‍රහ කලා...

" අහ් ඔබට ඇයව මුණගැහිලා එහෙනම්... "
ඒ කෙනා එහෙම අහන ගමන් ජන්කුක් හා සිනාසුනා..

" ඇ ඇය ... ?! කවුද ඇය .. ? "

" අහ් ඔබ මුණගැසීමට ආවේ ඇයව නොවේද එසේනම් ... මා සිතුවේ__"

" කවුරු ගැනද කියන්නේ.. ? "
එතනම උසැති පුටුවක වාඩිවෙන ගමන් ජන්කුක් ඇහිබැම් හැකිලුවා...

" මමත් දන්නේ නම් නෑ ජේකේ.. ඒත් ඊයේ එක ගැහැණු ලමයෙක් ආවා ... ඔබගේ රසිකාවියක් වගෙයි මට නම් තේරුනේ...
මිළමුදල් අතින් නම් හිඟ නැති පාටයි... ඔබ වෙනුවෙනුත් විශාල නෝට්ටු ප්‍රමාණයක් ඇය මේසයට හැලුවා මට මතකයි... "

" මොකක්.... ! එතකොට ඇය ද ඒ තරම් මුදලක්... ? විස්තරයක් දන්නේ නැතිද ඔබ .. ? "

" නැහැ ... ඔබගේ හඬ ප්‍රිය කරන බව නම් කිව්වා ... ඒත් තැබෑරුමට ආ පළමු දිනය කිව්වා...
ඔව් කොහොමත් රූමත්වූ ගවොමකින් සැරසුන කතක් තැබෑරුමට එනවා අවමයි නේ... "

ජන්කුක් හිටියේ පුදුම වෙලා... ඒ වගේම පෙර දා ජීමින් පැවසූ රෝස පැහැ ගවොම මැයම වෙන්න ඇතියි කියලා ජන්කුක් සිතින් තර්ක කලා...

කල්පනාව අතරෙම ජන්කුක් ට ගීයකට ආරාධනා ලැබෙද්දි ඔහු හෝසෙඔක් ගේ පැමිණීම තෙක් වේදිකාවට ගියා..

සැම ප්‍රියකල ඔහුගේ මියුරු කටහඬින් ජන්කුක් , ජේකේ ලෙස ගායනා කලා.. ඇස් වසාගන ඔහු සිටියේ ඔහුගේම ලෝකයක අතරමං වෙලා...
හැමෝගෙන්ම ලැබුන අත්පොලසන් හඬ එක්ක ජන්කුක් ගේ දැහැන බිදුනා...
ඇස් අරිනවත් එක්කම ජන්කුක් දැක්කේ කෙලවර මේසයකට වන්නට වාඩිවෙලා හිටිය හෝසෙඔක් වගේම ඔහු හා අද තවත් අයෙක් හිටියා....

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now