Chapter 7 🏆️

54 22 32
                                    

වේදිකාවෙන් බැස එන ජේකේ දිහාවට සුන්මිගේ ඇස් යොමු උනා... ඇය හිටියේ සතුටින් .. ඒ තමන් ආදරේ කරන ගායකයා අද තමන් වෙනුවෙන්ම ගීතයකට නතර වීම ගැන...

" සමාවෙන්න මම ඇත්තටම හදිසියේම යන්නයි ආවේ ... හිතරිදවන්න කිව්වා නෙවෙයි.. "
ජන්කුක් සුන්මි අසලින් නැවතී එහෙම කියද්දි සුන්මි ඉක්මනට වාඩිවුන තැනින් නැගිට්ටා..

" අ අනේ එහෙම නෑ ... ඇත්තටම ස්තූතියි ඔබට  .. මම බලාපොරොත්තු උනේ නෑ ඔබ මා වෙනුවෙන්ම රැදේවි යැයි ...
මමයි සමාව ගත යුතු ඔබගේ කාලය මමයි පැහැරගත්තේ ... "
සුන්මි එහෙම කියද්දි ජන්කුක් තිගැස්සුනා..

" දෙයියනේ ඔව් මයි මා යා යුතුයි... යලිත් මගේ පැමිණීම මට ස්ථීර කරන්න බෑ ... තැබෑරුමටත් මම දැන් හෙටසිට මගේ පැමිණීම අස්ථීර බව කියලයි ආවේ .... "
ජන්කුක් දන්නේ නෑ යලිත් ඒමට අවස්තාවක් ලැබේවිදැයි වත් ....

" ඔබ රැකියාවක් කරනවද ... ඒකද මේ__"

" සමාවෙන්න සුන්මි මම යන්න ඕනි ... පසුව හමුවෙමු ... "
සුන්මි ගේ කතාබහ අතරෙම ජන්කුක් එහෙම කියලා තැබෑරුමේ දොර අසලට දිව්වත් හදිසියේම මතක් උන දේත් එක්ක යලිත් අඩි කීපයක් පසුපසට ආවේ සුන්මි ලගට ...

" ඔබ වේලාසන යාමට ගත් තීරණයට මා කැමැතියි .... "
සුන්මි හා සිනාසී ජන්කුක් එහෙම කියලා තැබෑරුමෙන් පිට වෙද්දි සිනාවකින් බිම බලාගත් සුන්මි අතකින් තදින් තම පුංචි බෑගය ගුලි කරගත්තා...

*******

" හ්‍යුන් .... ! "

" ඔහ් මේ එන්නේ ... විනාඩි විස්සක ඉදලා මම මෙතන .. "
නම්ජුන් ට හිනාවෙලා ජන්කුක් අතක් වනන ගමන් ඔහු අසලට දිව ආවත් ඔහු හා හුවමාරු වූ වදන් නම්ජුන් පිට කලේ මොකක්දෝ දුකකින්....

" හ්‍යුන් මොකක්ද ප්‍රශ්නේ ... අනේ මට සමාවෙන්න මම ප්‍රමාද උනේ__"

" අයියෝ නෑ ජන්කුක් ... ඔම්ම ගැන මට බයයි ..... ඒකයි මම ... මේ... "
නම්ජුන් බිම බලාගනිද්දි ජන්කුක් තදින් නම්ජුන් ගේ අත වැලමිට ලගින් අල්ල ගත්තේ කලබලෙන්....

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now