Chapter 5 🏆️

61 20 60
                                    


තැබෑරුමට ගිය නිසා ජන්කුක් ට දැනුනේ තෙහෙට්ටුවක් .. ඒ නිසාම ඇදට වැටුන විනාඩි කීපයේ ඔහු කල්පනාවෙන්ම නින්දට වැටුනා...

තමන් ගිය රාජකාරිය අවසන් උන ගමන්ම එන අතරමග වත් නොරැඳී හ්‍යුන් චොල් ඉක්මනට නිවසට ආවේ ජන්කුක් ගැන හොයා බලන්න හිතාගන ...

අගුලු නොදමා තිබුන දොරත් ඇරගන ඔහු ගෙට ඇතුලු උනා ... තමන්ගේ සපත්තු දෙකත් ගලවලා රාක්කෙන් පිළිවලට අහුරලා එයා සාලයට එද්දි ජන්කුක් ගේ චායාවක් වත් දකින්න නම් තිබුනේ නෑ ...

" ම්ම් හ්ම්ම් .. "
හ්‍යුන් චොල් ගෙන් පිට උනේ අවිශ්වාසනීය හඬක් ...

ආයෙත් වෙලාව වෙන් නොකර හ්‍යුන් චොල් කෙලින්ම ගියේ ව්‍යායාම කාමරය වෙතට...
ඒ වෙද්දි ජන්කුක් හිටියේ පුහුණුවීම් අතරේ ...

හ්‍යුන් චොල් ආ බව තේරුනත් ජන්කුක් ඔහුව නොදැක්කා වගේ දිගටම පුහුණුවීම් කලේ හරාබොජි දිහා බලන්න තිබ්බ බය නිසා... එක පාරක් හරි තමන්ගේ ඇස් වලින් වෙනසක් තේරුනොතින් අනිවාරෙන් හ්‍යුන් චොල් ජන්කුක් හොර වැඩක් කල බව දැනගන්න බව ජන්කුක් දැනන් හිටියා....

ඒ නිසා ජන්කුක් හරාබොජි ට පිටුපස හරවන් පුහුණුවේම හිටියත් හ්‍යුන් චොල් කාමරය ඇතුලට ආවා...
සීට් එක උඩ ඇල වෙලා අත්දෙකෙන්ම උස්සන ගමන් හිටිය බර පඩිය ජන්කුක් උස්සනවත් එක්කම ඔහුගේ හරාබොජි තවත් බර පඩියක් ඒ මතින් තිබ්බේ ජන්කුක් ගේ අත්වලට බර වැඩි වෙද්දි.....

ඒත් ජන්කුක් ට බෑ ඒක අතාරින්න .. මොකද තමන්ගේ මූණ කෙලින් තමන් උස්සන් ඉන්න බර පඩි අතෑරියොතින් අනිවාරෙන් ඒවා තමන්ගේ මූණ තලලා දායි...

ජන්කුක් තොලක් හපාගන උපරිම ශක්තිය දාලා ඒක ඉහලට ඉස්සුවත් හ්‍යුන් චොල් තවත් පඩියක් ගන්න බිමට නැවෙන බව දැක්කම නම් ජන්කුක් ට වචන හිර උනා..

" අහ් ... හ හරාබොජි ... මට__ "

" අද දිගටම පුහුණුවීම් ද කලේ .. ? "
අතට ගත්ත බර පඩිය ඒ මේ අත හරවමින් බලන ගමන් හ්‍යුන් චොල් එහෙම අහද්දි නම් ජන්කුක් ගේ හදගැස්ම ටිකක් වැඩි උනා.....

" අම් ඔ ඔව් ... මම දිගටම පුහුණුවීම් කලා... අහ්හ්.. "
ජන්කුක් එහෙම කියනවත් එක්කම හ්‍යුන් චොල් එයාගේ අතේ තිබ්බ පඩියත් ජන්කුක් ගේ අත් මත තිබ්බේ තවත් බර වැඩි උන පඩි හතරක් උස්සගන්න ජන්කුක් ගොඩක් වීර්ය දරද්දි...

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now