Chapter 9 🏆️

43 18 53
                                    


ගෙවුන දවස් දෙක තුනේදි හ්‍යුන් චොල් ටත් යෙදුන වැඩ නිසා ජන්කුක් ට පුළුවන් උනා පුළුවන් හැම වෙලාවකම ඒජන්සියට දුවන්න ....
හවස් වෙලා ඔහු හැමදාම නම්ජුන් සමඟ ගෙදර ආවේ හ්‍යුන් චොල් හවස් වෙද්දි ගෙදර ඉන්න බව දන්න නිසයි ....

දවස් ගෙවෙද්දි ඒජන්සියෙන් ජන්කුක් ගේ හැකියාවට ලැබුනේ ගොඩක් ලොකු ප්‍රශංසාවක් ... ඒත් ඔවුන් හැමවෙලේම ජන්කුක් ගේ රවුම් විසාල කණ්නාඩිය වගේම අමුතු පන්නයේ ඇදුම් ගැන නම් විවේචනය කලා...

ඒත් ජන්කුක් ඒ කිසිම දෙයක් වෙනස් කරන්න උත්සාහ නොකලේ පුංචි අවධානමක් වත් ගන්න බැරි නිසයි.... ඔහු ඒජන්සියට ආව දින කීපයේම ඉදහිට අර ආරක්ෂකයා ජන්කුක් ට මුණගැහුනා...
ඔහුගේ අයිතිකරු නිතරම ඒජන්සියට පැමිණෙන අයෙක් නොවන බව ජන්කුක් වටහාගනයි හිටියේ... කොහොම උනත් ජන්කුක් ඒජන්සියේ කීපදෙනෙක් විතරක් ආශ්‍රය කලේ තමන්ගේ පෙනුම ඒජන්සිය ඇතුලෙදිත් හංගන්න උත්සාහ කරලා...

පුළු පුළුවන් වෙලාවට ඔහු තැබෑරුමටත් දිව්වා.... ඔහුට මේ අවස්ථාව ලැබුනේ එතනින් නිසාම ජන්කුක් තැබෑරුම අමතක කලේ නෑ ...

ඒ වගේම ඔහුගේ රසිකාවියවත් ...

සුන්මිත් ජන්කුක් එන හැම දවසකම ජන්කුක් වෙනුවෙන් පුටුවක් ඇදගන වාඩිවෙන්නේ ඔහු සුන්මි හා සිනාසී ගීතයකට මුළපුරද්දියි...

" ඔබ කාර්‍යබහුල වෙලා ... වෙනදාටත් වඩා .. "
ඇය මිලදී ගත් අඩු මත් බවෙන් යුතු බියර් වීදුරු දෙකෙන් එකක් ඇය තමාට මූණලා අසුන්ගෙන ඉන්න කෙනා වෙතට තල්ලු කලේ එහෙම අහන අතරෙයි...

" අම් ඔව් ... ටිකක් .. "
ඒ ජේකේ ... ඔහු බීර වීදුරුවත් අතට ගෙන ඇය හා සිනාසුනා...

" ඉදිරියේදි ඔබව තැබෑරුමේදිත් දකින්න නොලැබේවිද .. ? මග අසලත් දැන් ඔබවත් අර වාදකයා වත් පෙනෙන්නට නෑ නෙ .. "
ඇය එසේ කියූවේ හිත හොද නැති කමෙන් බව තේරුන නිසාම ජන්කුක් ටිකක් කලබල උනා...

" අහ් ඇත්තටම ජීමින් හ්‍යුන් එයාගේ අප්පගේ ව්‍යාපාරයේ වැඩ කරට ගත්තා ... දැන් ඔහු කොටුවෙලා හිර උන මනුස්සයෙක් ...
මම තනිව එතනට ගිහින් මොනා කරන්නද .. ?

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Où les histoires vivent. Découvrez maintenant