Chapter 11 🏆️

56 18 47
                                    


ජන්කුක් හිටියේ හොදටම හිත් වේදනාවෙන් .. තමන්ට ලැබුන අවස්ථාව තවත් කෙනෙක් තිරය පිටිපස්සෙන් ඉදන් මවපු දෙයක් කියලා තේරෙද්දි ඔහු තවත් කඩන් වැටුනා...

සුන්මි කියන්නේ ජන්කුක් ට තමන්ගේ හොදම රසිකාවිය .. ඒත් ඇය තමන්ව යොදාගන තමන්ගේ ඒජන්සියට ... ඒක රැවටීමක් නෙවේද ?

කොච්චර හයිය බොක්සිං ශූරයෙක් උනත් ජන්කුක් තමන්ගේ හීනේ ඉස්සරහා මෝඩ පහේ කොලුගැටයෙක් ... ඒ නිසාමද මන්දා ජන්කුක් ට ඇඬුනා ... හරාබොජි ගෙ සැර කම්මුල් පාරකටවත් අඬපු නැති ජන්කුක් අද පාර අයිනේ මේපල් ගහක් යට බංකුවේ වාඩිවෙලා ඇඬුවා ....

වෙලාවකට තමන්ගේ දෙමව්පියෝ ගැනත් ඔහුට ආවේ තරහක් ... ඇයි තමන්වත් අරන් නොගියේ ... ? ඇයි හරාබොජි ලග තමන්ව දාලා එයාලා යන්නම ගියේ ... ?

" හරාබොජි කෑම කන එකත් කාලසටහනකට දාලා ඔම්මා ... මට__ මහන්සි උනාම මට ඕනි වෙලාවට කන්නවත් නෑ__ මට ඕනි පුංචි කාලේ වගේ සම්ග්‍යොප්සල් කන්න ... ඔම්මා හදන පැණිරස කෑම කන්න ...
ඒත් ආයෙත් මට හරාබොජි එක්ක කාලසටහනකට මම අකමැති කෑම කන්න වෙනවා ..

මගේ හීනේ පැරදෙයිද අප්පා .. ඔයාලා මට උදව් කරන්නේ නැද්ද ? "
ජන්කුක් අතකින් මූණ වහගන හීල්ලුවේ එයාගේ හිතේ මීට පැය දෙකකට කලින් තිබුන සතුට හදිසියේම නැති උන එකට...

ජන්කුක් අද පරක්කු වෙලා .. දහවල් දෙක වෙද්දි එන්න නම්ජුන් ජන්කුක් ව කැමති කරව ගත්තේ හ්‍යුන් චොල් ට අසු නොවෙන්න උනත් ජන්කුක් දැනටමත් පැය එකහමාරක් නාස්ති කරලා ... දහවල් දෙක වෙද්දිත් ඔහු මේපල් ගහ යට බංකුවේ ඔහේ ඉඳගන හිටියා...

ඔහු කල්පනාව ඉවත හලලා එතනින් යන්න නැගිටිද්දිත් දවල් දෙක හමාරටත් කිට්ටුයි ..
ජන්කුක් ඔහේ හුස්මක් හලලා නිවසට යන්න ගත්තේ පාරේ තියෙන ගල් මුල් වලටත් කකුලෙන් ගහන ගමන්..

ජන්කුක් දැක්කා වත්තේ නතරකරලා තියෙන හරාබොජි ගේ වාහනේ ... දැන් කනේ පාරක් බලාපොරොත්තුවෙන් ජන්කුක් නිවස ඇතුලට අඩිය තිබ්බා ...

" ජන්කුක් ... මෙතනින් වාඩිවෙන්න . "
ජන්කුක් බලාපොරොත්තු උන රවාගත්ත හරාබොජි කෙනෙක් වෙනුවට බොහොම සන්සුන්ව සෝපාවේ ඉදගන හිටිය ඔහු ජන්කුක් ට සෝපාවෙ වාඩිවෙන්නයි කිව්වෙ ගැඹුරු හඬකින් ...

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now