Chapter 2 🏆️

88 26 69
                                    

තරඟය අවසානයෙන් පසු ජන්කුක් හරාබොජි සමඟම නිවසට පැමිණියෙ ඒ තරම් හිත හොදකින් නෙවෙයි... කොයිතරම් මහන්සියක් ගත්තත් ඔහුට නිරන්තරයෙන් ලැබෙන නොසෑහෙන උපදෙස් කන්ද නිසා ඔහු දැනටමත් හෙම්බත් වී ගොස්...

" හරාබොජි .. මම__"

" නෑ ජන්කුක් .. අද ඔයා කොහෙවත් යන්නේ නැහැ .. එක් තරඟයක් ජයග්‍රහණය කලත් අනෙක් තරඟාවලියට සූදානම් වියයුතුයි .. ඒ නිසා අද සිට නැවත පුහුණුවීම් කරන්න .. "
ජන්කුක් ජයග්‍රහණය කල ඔහුගේ කුසලානය නිවසේ විශාල සාලේ කෙළවරට වෙන්න ස්ථානගත කර තිබූ වීදුරු කැබිනෙට්ටුව තුල තබන අතරේ ඔහුගේ හරාබොජි ඔහුට එහෙම කිව්වා....

" අ අනේ ඒත්__ "

" මමයි තීරණය කරන්නේ ... , දැන් කාමරේට යන්න ..."

" ආහ් මට මේක ඇති වෙලා ... ! "
අඩියක් පොළවේ ගහන අතරේ එසේ කෑගසා ජන්කුක් ඔහුගේ කාමරය වෙත දිවගියේ බරට තරප්පු පෙලත් නැගලා...

" අනේ එහෙම වෙන්නදෙන්න බැහැ.. මම කිව්වා ඔවුන්ට හැකි වූවොත් අනිවාර්යයෙන් එහි එන බවට ...
අහ් මෙසේ කාලය කා දැමිය නොහැකියි මට.. "
ඔහු කාමරයේ ඉහල පහල ඇවිද්දේ බර කල්පනාවකින්..

" ජන්කුකා ... ජන්කුක් නිදිද ... ? "

දොරට තට්ටු කරන හඬත් එක්ක ජන්කුක් දොර වෙත දිව ගියේ ඒ පැමිණි කටහඬ හොදහැටි දන්නා නිසා...
" මම නිදි නෑ හ්‍යුන් ... "

" ම්ම් ඇයි ආහාර වේල මගෑරියේ ... ? "
නම්ජුන් ජන්කුක් ගේ පුහුණුකරු වශයෙන් හැකි හැමවිටම නිරන්තරයෙන් ජන්කුක් හා රැදුනේ ඒ නිවසෙහි ජන්කුක් හා ඔහුගේ හරාබොජි හැරුනු කොට කිසිවකුත් නැති නිසයි....

" මට පිරියක් නෑ හ්‍යුන් ... මට එලියට යන්න ඕනි ... හරාබොජි ගෙන් බේරෙන එක පහසු නෑ නේ.. "
ඔහුගේ මුහුණත් එක්කම මැලවෙලා..

" හ්ම්ම් නැවතත් රඟහලකටද .. ? එහෙමත් නැත්තන් තැබෑරුමකට .. ? "
ඔහුගේ හඬත් වඩාත් ගාම්භීර උනා .. ජන්කුක් ගේ ඇඳ මතින් වාඩි වෙන ගමන් ඔහු එහෙම ඇහුවා...

" හ්‍යුන් ... ඒ පාර අයිනක් උනත් මට දැනෙන්නේ මම ආස කරන දේ ගැන විතරයි .. ඒ හිතට දැනෙන නිදහස මේ බොක්සිං වලින් කවදාවත් ලං කරගන්න බෑ .. "

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now