Chapter 10 🏆️

51 18 43
                                    


ගීයක් අවසානයේ ජන්කුක් වේදිකාවෙන් බැහැලා හෙමින් අඩි තිබ්බේ සුන්මි වාඩිවෙලා උන්න මේසය වෙතට ....
ඇය ගොඩක් ආසාවෙන් තමා වෙතට එන මෝඩපහේ කොල්ලාගේ හිනාව දිහා බලන් හිනාවක් පෑවා...

" ඔබගේ හැකියාව පරම්පරාවෙන් එන්නක්ද .. ? "
ඇයට මුහුණලා අසුන් ගත් ජන්කුක් ගෙන් එහෙම අහන ගමන් ඇය වැලමිට මේසයට බර කරලා අල්ල මත නිකට තියාන ජන්කුක් දිහා බලන් හිටියා...

" ම්ම් ඇත්තටම ඒක මගේ ඔම්මාගෙන් ආව දෙයක් වෙන්න ඕනි ... මට ඒ හැටි මතකයක් නෑ ඒත් මට මතකයි ඔම්මා ගොඩක් ලස්සනට නැළවිලි ගීත කියපු හැටි...
උයන පිහන කොටත් ඇය ගී කිව්වා... "
ජන්කුක් ළදරුවකු සේ සිනාසෙද්දී සුන්මි මද සිනාවක් පෑවා..

" ම්ම්හ් ඔබගේ දෑස් ඒවත් ඔම්මගෙන්ද .. ? "

ජන්කුක් ටිකක් පුදුම උනත් ඔහු හිනාවකින් ඇයට පිලිතුරු දුන්නා...
" ඔව් ... ඇයගේ දෑස් ගොඩක් ලස්සනයි ලූ .. මම දන්නෑ මගේ දෑස් නම් කෙසේද කියා.. "
ජන්කුක් ටිකක් ශබ්ද නගලා සිනාසුනා...

" ඔබ ගේ දෑස් හුරුබුහුටියි ඔබ එය දැන සිටියේ නැද්ද .. ? ඒත් මොකක්දෝ හේතුවකට මට දැනෙන්නේ ඔබගේ හිත නොසතුටින් කියලයි... "

ජන්කුක් එයට උත්තර දෙන්න ගියේ නෑ .. ඔහු පෙරලා සිනාසිලා ඉවත බලාගත්තා...

" හෙටත් එනවද .. ? "
සුන්මි ගේ කතා බහ දැන් ගොඩක් දුරට සාමාන්‍ය වෙලා .. ජන්කුක් ඉස්සරහා ඇය දැන් නොසන්සුන් අයෙක් උනේ නෑ ...

" ඔව් සමහරවිට ... ඒජන්සියටත් යන්නට වෙන්නේ හවස් වෙලා වගේ .. දන්නවනේ අමතර රැකියා වල හිතූ හිතූ ලෙස එලියට බහින්න බෑ නේ .. "
සුන්මි එය අනුමත කරන්න හිස වැනුවා..

ඒත් එක්කම ජන්කුක් වාඩි උන තැනින් නැගිට්ටේ ඉක්මනට ගෙදරට යාගන්න .. හැමදේම හොදින් වෙන අතරේ හරාබොජි මේක දැනගන්න එක නම් ජන්කුක් ට කොහෙත්ම හොද දෙයක් නොවේවි...

සුන්මි ටත් සමුදීලා ජන්කුක් තැබෑරුමෙන් පිට උනේ එදා දවසට අදාල ඔහුගේ මුදලත් අතැතිවයි... ඒත් ජන්කුක් කෙතරම් ඇවිටිලි කලත් සුන්මි තවමත් ජන්කුක් වෙනුවෙන් වැයකරන මිලෙහි වෙනසක් නෑ ....

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Onde histórias criam vida. Descubra agora