Chapter 13 🏆️

117 15 63
                                    


ජන්කුක් ට පුංචි තරහවක් සුන්මි හා ආවේ කලින් උන දේවල් එක්ක .. අනික ජන්කුක් ට නොකියාම ඔහුගේ ගී තැටිය මේ විදියට එලිදක්වන එක සුන්මි මැදිහත්වීමෙන් කරන්නට ඇති බවටත් ජන්කුක් සැක කලා...

තරඟ වටය ආරම්ඹ වීමට‍යි සූදානම් වෙන්නේ.. හ්‍යුන් චොල් ජන්කුක් ගෙ පිටට තට්ටුවක් දැම්මා...
" මට කුසලානේ ඕනි .. තේරුනා නේ .. ? "
ඔහු ජන්කුක් ට එහෙම කියද්දි ජන්කුක් හුස්මක් අරන් හිස වැනුවේ තවමත් තමන් සූදානමකින් ඉන්න බවක් නොදැනී ගිය එක නොසලකායි...

ඔහු වෙනදාට වඩා අද වෙනස් වෙලා... ඔහුහා හිටිය අයත් වෙනස් වෙලා ... පෙර කිසිම බොක්සිං තරඟයකට අසුන් නොගත්ත සුන්මි අද ජන්කුක් වෙනුවෙන් ඉදිරිපෙලේ අසුනක්ම වෙන් කරවාගන ...
තරඟ වටයට දැනුම් දෙද්දී වෙනදාට ජන්කුක් ගේ පසෙකින් වූ ඔහුගේ ශක්තිමත් සහෝදර බැඳීම අද ඔහුහා රැදුනේ නෑ ...

මේ වෙනස් වීම් එක්ක ජන්කුක් ට දැනුනේ තමා සූදානමින් නොවන බවක් ... එහෙත් ඒ මොහොතේම පළමු වටයට සීනුව නාද උනේ ජන්කුක් ගේ ප්‍රතිවාධියා ජන්කුක් ගේ ඇඟට කඩා පනිද්දී...

ජන්කුක් කල්පනාවෙන් සටන් කලා උනත් ඔහුගේ ශරීරයට ශක්තිය මදි බව දැනුනේ ප්‍රතිවාදියාව නැවතීමට නොහැකි බවක් දැනෙද්දි...
" ජන්කුක්හ්හ්හ් ගහන්න... ! "
හ්‍යුන් චොල් බොක්සිං වළල්ලට පාරක් ගහලා කෑගහද්දි ජන්කුක් හැකි උපරිමෙන් ප්‍රතිවාධියා මෙල්ල කලේ පළමු තරඟයේ ජය හිමිකරගනිමින්...

ඒත් ජන්කුක් ට මහන්සියි ... වෙනදට වඩා පළමු තරඟයෙන්ම ඔහුට මහන්සි දැනිලා... ගෙවුන දින කීපයේම හරි හැටි ආහාරයක් වත් නොගත්ත නිසාත් දිගින් දිගටම පුහුණුව ලබපු නිසාත් ජන්කුක් ගේ ශරීරය දුර්වල වෙලා...

" හ්ම්ම් හොදයි ... කාලය කන්න එපා ජන්කුක් ඊලඟ වටය ජය ගත්තොතින් හරි ... "
හ්‍යුන් චොල් ජන්කුක් ගේ පැළුනු තොල් වල ගලන ලේ පිහිදමමින් කියද්දි ජන්කුක් හතිලන ගමන්ම හිස වැනුවා...

පරාජයක් ලැබුන නිසාම ප්‍රතිවාදී බොක්සිං ක්‍රීඩකයා හිටියේ ජන්කුක් එක්ක තරහින් .. ජන්කුක් ඔහුගේ රැවිල්ල නොදැක්කා සේ අහක බලාගත්තා...

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now