Chapter 6 🏆️

61 21 32
                                    


" මොකටද ජන්කුක් යන්නේ .. නම්ජුන් ට පුළුවන් නේ තනියම යන්න .. "
කෑම කාමරයේ මේසේ වාඩිවෙන අතරේ හ්‍යුන් චොල් එහෙම විමසද්දි අත් දෙකත් එකට කරන් ගොඩක් යටහත් පහත් විදියට හ්‍යුන් චොල් ඉස්සරහ හිටගන හිටියේ නම්ජුන් ...

" අම් සර් මේ ... සර් දන්නවනේ ඔම්මා ගොඩක් ජන්කුක් ට ආදරෙයි .. දැන් දවස් ගානක ඉදන් මට කියනවා මුණගැහෙන්න ඕනියි කියලා ..
ඔම්මා ලෙඩින් නිසා .... ..... ..  "
නම්ජුන් නොතේරෙන ගානට හ්‍යුන් චොල් ට එහෙම කියද්දි හ්‍යුන් චොල් අතකින් නළල පිරිමැද්දා...

" ඒකත් එහෙමද ... දැන් අර කිම් ටේහ්‍යුන් කොල්ලා තවමත් අර විකාර ඇකඩමියේද .. ? "
හ්‍යුන් චොල් ඇහිබමක් උස්සලා නම්ජුන් වෙත හෙලුවේ සීතල බැල්මක් ...

" අහ් ම් ... ඔ ඔව් සර් ... ටේහ්‍යුන් ඇකෑඩමියේ .. ඉද හිට ඔම්මව බලන්නත් එනවා ... "

" ජන්කුක් ගේ පුහුණුවීම් ප්‍රමාද කරන්න කියාද දැන් ඔය ඉල්ලන්නේ ම්ම්.. "
හ්‍යුන් චොල් ජන්කුක් ට වගේම නම්ජුන් ටත් එකම හඬින් කතා කලේ ඔවුන් දෙදෙනාම තමන් යටතේ බියගුල්ලන් මෙන් සිටිය යුතුයි කියන මතයෙන් විය හැකියි....

" සර් ජන්කුක් ගේ හිතත් ටිකක් පීඩනෙන් නේ සර් .. ඉද හිට එලියට බැහැලා ඔම්මවත් මුණගැහුනම හෙමින් හෙමින් ඔහු ආයෙත් පුහුණුවට වැඩි උනන්දුවක් දක්වාවි කියලා මට හිතෙනවා ... "
නම්ජුන් වේලී ගිය තොලකට තෙත් කරමින් එහෙම කිව්වෙ තමන් කරන්න යන දේ හ්‍යුන් චොල් ව කුපිත කරන බව හොදාකාරයෙන්ම දන්නා නිසයි ...

" ඉද හිට ... දැන් තමුන් ලෑස්තිවෙන්නේ ඉදහිට ජන්කුක් ව පුහුණුවෙන් පන්නන්නද ආ... මගේ කනෙන් රිංගන්නද හදන්නේ මුන්... "

" අ අනේ එහෙම නෑ සර් ... ඇත්තටම ඔම්මා නිසයි ... එයා හොදටෝම ලෙඩින් නේ සර් ... මට බෑයි කියන්න බෑ ඒකයි මම ඉල්ලීමක් කලේ___"

" මම හිතලා බලලා තීරණය කියන්නම් .."
මේසය මත වූ ආහාර භාජන එකින් එක විවර කරලා ආහාර බෙදාගන්න අතරේ හ්‍යුන් චොල් උගුරෙන් ගොරවද්දි නම්ජුන් ඔහුට ආචාර කරලා යලිත් තමන්ගේ කාමරේට දිව්වා..

නම්ජුන් කාමරයට යද්දිත් ජන්කුක් හිටියේ කාමරයේ ජනෙල් කවුලුවෙන් පිටත බලාගන ..

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now