Ep 04 😁

221 40 10
                                    

"  මේ නංගි..."

ඒ ගමන මොකද දන්නෙ නැ අපි තුන් දෙනාම කරන වැඩේ නවත්තලා දිශා අක්කගෙ පැත්ත බැලුවා ඒත් එතන දිශා අක්කා විතරක් නෙමෙයි...

ඔව් නිමානි අක්කත් එතන ...බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන බලාගෙන  ඉන්නවා... ඇත්තටම එයාට අපේ ස්කූල් එකේ කෙල්ලො වශී වෙන එක අහන්න දෙයක් නැ එයා තනිකරම කොල්ලෙක් වගේ කිසිම් වෙනසක් නැ කොන්ඩෙත් කොටට කපලා...

"  ඔව් අක්කෙ ..."

මම නිමානි අක්කා දිහා බලලා අනිත් පැත්ත හැරුනෙ සමා කතා කරන කොට...

"   අර අතන කුනු තියෙනවා  හරියට අතු ගාන්න..."

"  හරි හරි..."

සජා මූන ඇද කරලා දිශා අක්කට රවලා ආයෙ අර කුනු තියෙනවා කිව්ව තැන අතු ගාන්න ගියා... අපි මුලු ක්ලාස් එකම අතුගාලා හෙනම මහන්සී...නිමානි අක්කයි දිශා අක්කයි ක්ලාස් එක ගාවින් ගිහින් තිබ්බා ඒ වෙන කොට...

"  මේ දැන්වත් කියපම් කෝ අර මූන රතු කරන් ඉදියෙ මොකද කියලා උදේ ... "

සජා මගේ පැත්ත හැරිලා ඇහුවෙ ඉනට අත් දෙක තියාගෙන හරියට මහ පප්පෙක් වගේ 😂😂

"  මේකයි හරිද...මම උදේ කොරිඩෝවෙ ඉදියෙ..."

" ඔව් ඉතින්..."

සමා අපි ගාවට කිට්ටු උනේ කතාව හරියට අහ ගන්න ...

මමත් උදේ උන ඔක්කොම විස්තර කරා ...අරුන් දෙන්නා දැන් බාගෙට කටත් ඇරන් බලන් ඉන්නෝ ...

" අඩෝ එච්චර දෙයක් ශිට් අනිත් දවසෙ මම උදේම එනවා..."

" ඔව් සමා මමත් ..."

සමයි සජයි  මන් ගාවට ඇවිත් කරට අතක් දා ගත්තෙ හරියට වැදගත් දෙයක් කියන්න ලන් වෙනෝ වගේ...

"  මේකයි බන් හරිද... දැන් අපිට පේන විදියට නිමානි අක්කා එන්නෙ හොදකට නෙමෙයි ඒත් මේක අපි අතරෙ විතරක් තියා ගමු මොකද මේක පිට ගියොත් අපි ඉවරයි බන්...දන්නවනෙ මෙහෙ තත්වෙ ..."

ඔව් සමා කියන කතාව ඇත්ත මේක මොකක් හරි දෙයක් නිසා  මේ කතාව එලියට ගියොත් ලොකු අවුලක් වෙන්න පුලුවන් නිසා....


එදා දවසත් එහෙන්ම ගෙවිලා ගියා පාඩම් වැඩත් එක්කම ...


" නිමානි දැන් උබ මේ කරන්නෙ හදන්නෙ මොකද්ද කියපම් ..."

" මුකුත් නැ බන් "

" මුකුත් නැති වෙන්න විදියක් නැ නෙ උබ දැන් නිතරම අර නංගිගෙ ක්ලාස් එක වටේ කැරකෙන එකනෙ කරන්නෙ...."

" උබට මාව පේන්නෙ කැරකෙන බබරයක් වගේද 😒 "

" නැ පැනි බබරෙක් වගේ 😂😂 "

" අනේ මේ ....

" නිමානි අක්කේ......ආ මේ ඉන්නෙ මම මුලු ස්කූල් එක වටේම හෙව්වා ඔයාව..."

" මොකටද කියාරා මාව හෙව්වෙ..."

" නිමා අක්කි ඔයා දැන් හොදටම වෙනස් වෙලා..."

"  දැන් මොනාද මගෙ වෙනස් වෙලා  තියෙන්නෙ ආ.."

" නැ වෙනදා මාව බලන්න නිතරම එන කෙනා දැන් පොඩ්ඩකටවත් එන්නෙ නැ 😒 "

" එහෙම නැ කියා...මට මේ දවස් ටිකේ වැඩ ගොඩයි ඒකයි..."

"  හ්ම්ම් හ්ම්ම් හරි එහෙනම් මේ සැරේ මැච් එක හොදට ප්ලේ කරලා එන්න...මම යනෝ..."

" හ්ම්ම් හරි "

කියාරා එහෙමත් නැත්නම් එයාව ගොඩක් අය දන්නෙ නිමානි අක්කගෙ ගර්ල් ෆෙන්ඩ් කියලා ඒත් ඒ දෙන්නා අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ද තාවයක්ද කියලා දන්නෙ ඒ  දෙන්නනෙ...කිරායා මොනා උනත් කරන්නෙ නිමානි අක්කගෙ වටේ කැරකි කැරකි ඉන්න එක ගොඩක් වෙලාවට ඒ හේතුව නිසා තමයි ස්කූල් එකේ ලමයි ඒ දෙන්නා කපල් කරේ...

" නිමා...උබ කියාරා මගා අරිනවද ආ..."

" පිස්සුද බන් එහෙම එකක් නැ එයාට පිස්සු අනික මග අරින්න ඕන නම් මම කොහොමත් ඒක කරනවා මම යනවා ස්පෝට් රූම් එකට උබට ඕන නම් වරෙන් නැත්නම් ඉදපම්..."

නිමානි දිශාටත් රවලා එතනින් ගියේ එයාගෙ හිත එක්කම ප්‍රශ්න වැලක පැටලිලා ඒත් මේ වෙනකොට එයාවත් දන්නෙ නැ එයාගෙ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර... අපි බලමු කො ඉස්සරහට  ...

මොනා උනත් දිශා දැනගෙන ඉදියා ඉස්සරහට ලොකු කුනාටුවක් එන්න තියෙන විත්තිය...

අපි බලමු කෝ ඒ කුනාටුවෙන් කී දෙකෙන් ගහගෙන යනවද කියලා...

▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

හේ....එහෙනම් එක සැරේ කොටස් හතරක් දුන්නා....ආයෙ සතියකින් විතර පස්සෙ නැවත කොටස් හතරකින් හම්බ වෙමු ඈ ...

බායි බායි

වෝට් කරන්න කමෙන්ට් කරන්න...කමෙන්ට් කරන තරමට මම ඉක්මනට අප්ඩේට් එක දෙන්නම් 😌

KRD

 ♡ Her gaze ❆Where stories live. Discover now