Ep 05 ❆

207 40 36
                                    

" මේ දියා... අදනම් මාර කම්මලී බන්..."

සජා මගෙ උරහිසෙන් ඔලුව තියාගෙන කියවන්කො ...මේකිට කොහොනත් කම්මලි නැති දවසක් නැ නෙ...

" අඩෝ මේ ඇත්තමයි...අද මුකුත් උගන්න නෙ නැ නෙ...මිස්ලට මීටින් එකක්..ඒ කියන්නෙ අද ක්ලාස් බලා ගන්නෙ ප්‍රිෆෙට්ලා...හැපෝ එපා වෙනෝ නෙ 😒 "

සමත් ඩෙස් එක උඩින් ඔලුව තියාගෙන අපි දෙන්නා දිවා බලාගෙන කියවන්න ගත්තා

ඔව් අද උදේම පීරියඩ් ටික ටිකෙන් තුනක් ඉවර වෙනකොටම හදිසි එනව්ස්මන්ට් එකක් ගියා...මිස්ලට මීටින් එකක් කියලා...ඒක නිසා ලමයි ගොඩක් සතුටු උනත් ඒ සතුට ඉන්ටවල් එකෙන් පස්සෙ නැ නෙ 😒 මොකද මිස්ලා හොදයි ප්‍රිෆෙක්ලට වඩා 😒  

" ඔව් බන් ඒක ඇත්ත...ඒත් මොනා කරන්නද අපිට ඉන්න වෙනෝ නේ... "

මන් ඉතින් දෙන්නා දිහාම බලලා හිනා උනේ මුන් දෙන්නත් නිකන් එක වසරෙ පොඩි උන් දෙන්නා වගේ මගෙ ඇගේ එල්ලි එල්ලි හුරුතල් වෙන එක බලාගෙන...

" මේ...දියා මීමිච්චලා මේ දවස් ටිකේම දැක්කෙ නැ නේද...."

සජා මගෙ උරහිසෙන් තියාගෙන ඉදපු ඔලුවත් එක සැරේ ගන්න ගමන් කෙලින් වෙලා ඇහුවෙ බැරෑරුම් මූනක් ගන්න ගමන්

" එහෙම වෙන්න එපැයි යකෝ එයාලට මැච් තිබ්බා නේ 😒 උබලනම් මෙලෝ සිහියක් නැ..."

සමා එහෙන්ම ඩෙස් එකේ ඔලුව තියාගෙන ඉන ගමන් මගෙ අත අල්ලගෙන් සජාට රව රව කියනෝ

"  😂😂 හයියෝ අපිට වැඩක් නැ බන් එයාලා අපි මොකක් හරි සෙල්ලමක් දාමුද "

මම ඉතින් මුන් දෙන්නට ඔය නිමානි අක්කලා ගැන කියවන්න ගියාම නිමක් නැ කියලා දන්න නිසාම ටුක් ගාලා මාතෘකාව වෙනස් කරා ...

" මේ හලෝ අපිත් එන්නද ඔතෙන්ට..."

එකසැරේ පිටිපස්සෙ ඇහුන කටහඩ නිසා අපි පිටි පස්ස බැලුවෙ කවුද කියලා බලන්න

" ආ...සදූ එන්න එන්න හුග දවසකින් දැක්කෙ..."

ඔව් ඇවිත් ඉදියෙ අපේ clz එකේ ලමයෙක් නෙමෙයි එහා clz එකේ යාලුවෙක් ඇත්තටම එහෙම යාලුවෙක් නෙමෙයි මොකද වැඩිය එයාලා එක්ක අපි ඉදලා නැ ඒත් කතා කරනෝ clz එකට ආවොත්ම...සදුයි එයාගෙ යාලුවො දෙන්නයි අපි කියපු ගමන් ටුක් ගාලා අපේ ඩෙස් එකේ ඉතුරු පුටු වලින් වාඩි උනා...

 ♡ Her gaze ❆Where stories live. Discover now