Ep 9 😡😓❤️

176 24 16
                                    

" කොහෙද බබා පැනලා යන්න හදන්නෙ ම්ම්ම්..."

මොකද්ද මේ වෙන්නෙ මේක වෙන්නෙ කොහොමද එයා...මොකක්...😳 

" මොකො කට වැහිලා ආ....හ්ම් කොහොමත් ඔයාට අපි එක්ක කතා කරන්න ගත්තහම කට  වැහෙනෝ නෙ ..."

එයා එහෙම කියලා රවන්න ගත්තහම තමයි මගෙ සිහිය ආයෙ ආවෙ

" අ..ක්කේ...ඔයා මොක...ද "

" අයිශ් මොකද බන් මේ හරියට කතා කරපම් මම ඔයාව ගිලිල්ලෙ නැ 😌 හැබැයි බැරි කමකුත් නැ ඉතින් " 

"  නිමානි අක්කෙ මට යන්න දෙන්න ඔයා ඇයි මෙහෙම..."

ඔව් ඔව් ඉදියෙ වෙන කවුරුත් නෙමෙයි නිමානි අක්කා මේ මනුස්සයට පිස්සුද මන්දා මාව ගහ් කරන් ඉන්නෙ අනික කවුරු හරි ආවොත් වෙන විදියට හිතයි  

" අයිශ්..."

එයා එක සැරේ කෑ ගහලා මාව එහාට තල්ලු කරා මොනා වෙලාද මන්දා පිස්සුද...මම එහෙන්ම එයා දිහා ගල් ගැහිලා වගේ බලන් ඉදිද්දි එයා ආයෙ මම ගාවට ආවෙ රවාගෙන තරහින්

" තමුසෙට මාත් එක්ක එක වචනයක් කතා කරන්න බෑ වෙන ගෑනුන්ගෙ ඇගේ එල්ලි එල්ලි විකාර කරන්න ඈකි නේද 😡 "

මේ මනුස්සයා මොනාද මේ කියන්නෙ මම ගල් ගැහිලා ඉදගෙන එහෙන්ම කල්පනා කරේ ඒක

"  අයිශ්...රෙද්ද "

එයා එහෙම කෑ ගහලා රූම් එකේ දොර ඇරගෙන දඩස් ගාලා වහගෙන ගියේ මට නෙලන්න බැරි කමට යනෝ වගේ 🥲 ගැහුවනම් එක ශොට් එකෙන් මැරෙන සයිස් එකක් තිබ්බෙ
ඇත්තටම එයාට මොනා වෙලාද මේකි හොරාට බීලවත්ද මම එහෙන්ම ආයෙ ඒක කල්පන  කරලා මගෙ ගිෆ්ට් එකත් අරන් මම එලියට බැස්සෙ සිතීව හොයාගෙන යන්න




" නිමා...මොකද මේ ආ...අඩෝ කොහෙද යන්නෙ ඕයි ...."

නිමානි රූම් එකෙන් එලියට ආව ගමන් ඉස්සරහා ඉදියෙ දිශාවත් පාස් කරන්  යන්න ගත්තෙ දිශාවත් ගනන් නොගෙන දිශා කොච්චර කතා කරත් නිමා කෙලින්ම ඒ ගෙදරින් එලියට බැහැලා බයික් එකට නැග්ගෙ හිතේ ලොකු දුකක් හිර කරන් වගේ ලොකු කේන්තියකින් කොහොම හරි දිශා නිමා බයික් එකෙන් යන්න කලින් ඒ බයික් එකටම නැග්ගෙ නිමා මෙහෙම ගියොත් කොහේ යාවිද කියලා සාදාරන සැකයක් තිබ්බ නිසා දිශා කිසිම සද්දයක් නැතුව ඉදියෙ මේ වෙලේ කොච්චර කතා කරත් නිමා කතා කරන්නෙ නැති බව හොදටම දන්න නිසා

නිමානි එහෙන්ම බයික් එක බීච් එකට හැරෙව්වෙ හිත නිවන්න පුලුවන් එකම තැන ඒක නිසා

එහෙන්ම බයික් එකෙන් බැස්ස නිමානි  දිශා කියලා කෙනෙක් එතන නැ වගේ එහෙන්ම බීච් එකට ගිහින් නිදහස් තැනකින් වාඩි වෙලා මුහුද දිහා බලන් ඉන්න පටන්  ගත්තා දිශා  එහෙන්ම සිතීට මැසේජ් එකක් දාලා ඒ දෙන්නා හදිසියෙ ගෙදර යන්න උනා කියන ගමන් ටිකක් වෙලා දෙන්නා එක්කම මුහුද දිහා බලන් ඉදලා අන්තිමට දිශා නිමානි එක්ක කතා කරන්න තීරනේ කරා

" නිමා උබට මාත් එක්ක බෙදා ගන්න බැරි දෙයක් නැ නෙ බන්...උබට තියෙන අවුල මට කියපම් "

දිශා අක්කා එහෙම කියන කොට  නිමානි ලොකු හුස්මක් පිටකරේ එයාට එයාගෙ හිත පොඩ්ඩක් හරි නිදහස් කරගන්න පුලුවන් නිසා

" දන්නවද දිශා...මෙච්චර කල් මම කරේ එන එන කෙල්ලව ආතල් එකට ගනිපු එක විතරනෙ"

නිමානි එහෙම කියන කොට දිශාගෙ මූනෙ හිනාවක් ඉබේ ඇදුනෙ ඒ කතාව සීයට සීයක් ඇත්ත නිසා

" ඒත් බන් ඒ කෙල්ලො මට සිරා ලව් කරලා එයාලා මම වෙන කෙනෙක් එක්ක ඉන්න කොට දැනෙන දුක මට හොදට දැන් තේරෙනෝ බන්..."

නිමානි එහෙම දෙයක් කියපු පාර දිශා එක සැරේ ශොක් උනේ කීයටවත් එහෙම දෙයක් එයා බලා පොරොත්තු උනේ නැති නිසා

" මොකද්ද උබ දැන් කියන්නෙ "

" දන්නවද අද අර පොඩි කෙල්ල සිතීගෙ ඇගේ එල්ලිලා විකාර කර කර එයා එක්ක හුරුතල් වෙනකොට මට දැනුනෙ මගෙ පපුව පැලිලා යනෝ වගේ බන් ඒත්  ඉවසන් ඉදලා රූම් එකේදි කෙල්ල මාත් එක්ක කතා නොකර කරපු පලවෙනි වචනෙත් මෙතනින් යන්න කිව්වහන මට  දුක තරහා දෙකම දරා ගන්න බැරි උනා බන්"

නිමානි  මුහුද බලාගෙන එයාගෙ හිතේ තිබ්බ හැම හැගීමක්ම දිශාට කියාගෙන ගියේ හිතුන් වගේම ඇස් වලිනුත් ඒ කියන ඔක්කොම ඇත්ත කියලා ඔප්පු කරන ගමන් ඒ නිමානිගෙ ඇස් වලින් කවදාවත් නැතුව අද කදුලු ගලාගෙන යද්දි....

" නිමා...උබ මට කියන්නෙ..."


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හලෝ ළමයි 😁

පොඩ්ඩක් කාලෙ ගියා නෙ එපිය දෙන්න පොඩ්ඩක් කිව්වට ඉතින් හේ හේ

ඔයාලට පුලුවන් මට මේ කතාව ඉස්සරහට ගෙනියන්න ඔයාලගෙ හිතේ තියන විදියට අදහස් දෙන්න 😌 කමෙන්ට් දාලා කියන්න පුලුවන් ඉන්බොක්ස් උනත් කියන්න පුලුවන් මම බලාගෙන ඉන්නෝ ඔයාලා මට අදහස් එවනකම්

එහෙනම් බායි බායි 😁

KRD

 ♡ Her gaze ❆Where stories live. Discover now