Ep 08 😳😒

204 29 22
                                    

මම කතා කරන්නෙ නැ නෙ එයා එක්ක...."

" හරි යකෝ මේ අහපම්...අපි කියන්නෙ අක්කා කතා කරත් උබ ශේප් එකේ එතනින් මාරුවෙයන් හරිද..."

උන් දෙන්නා එහෙම කියනකොට මට ඒකට විරුද්ද වෙන්න තරම්  හේතුවක්වත් පුලුවන් කමක්වත් නැති උනා මොකද ඒ දෙන්නා මගෙ හොදම යාලුවො ඒ වගේම නිමානි අක්කා එක්ක මට කිසිම සම්බන්දයක් නැති එක

එදා දවස ඒ විදියට ඉවර උනා ....ආයෙ දවස්  දෙකක නිවාඩුවකින් පස්සෙ තමයි sch තියෙන්නෙ හ්ම්ම්...මොකද්ද වගේ අවුලක් හිතට දැනුනෙ නැත්තෙම නැ අනේ මන්දා නිමානි අක්කා මොනවට මගෙ හිත අස්සෙ කැරකෙනවද කියලා....



" දුව.... දියා..."

" ඕ අම්මා...කියන්න..."

" මෙහෙ එන්න කෝ..."

මම ඇදේ පෙරලිලා  සිවිලිම දිහා බලන් මනෝ පාරක් ගහන් ඉදියෙ....කොහෙද අම්මා මනෝ පාරෙ හොදම ටිකේදිනෙ කතා කරේ...

" ඕ අම්මා කියන්න "

මම කිචන් එකට දුවන් ගියේ අම්මා මොකටද මේ කතා කරන්නෙ බලන්න...

"  දුව අද රෑට ගමනක් යන්න ලෑස්ති වෙන්න හරිද... "

හෑ මොකේ යන්නද එක සැරේ...

" අම්මෙ කොහොද අපි යන්නෙ 🙄 හදිස්සියෙම "
"හදිස්සියක්නම් නැ දරුවො මට ඔයාට කියන්න අමතක උනා නෙ අද පාර්ටි එකක් තියෙනෝ තාත්තගෙ යාලුවෙක්ගෙ ඒකට යනෝ අපි "

අම්මා එහෙම කියනකොට මගෙ මූන අහකට දාපු බිත්තරයක් වගේ උනෙ මම ඔය පාටි වලට යන්නා ආස නැති නිසා

" අනේ අම්මා මම ඔය පාටි වලට ආස නැ ඔයා දන්නෝ නෙ 😒 මටනම් බෑ එන්න "

" මොකද්ද දූ...මම දන්නවා ඔයා ආස නැ කියලා ඒත් මේක  යන්නම ඕන පාටි එක්ක තාත්තගෙ මේ යාලුවො එයාට සෙට් වෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ දරුවො..."

අම්මා එහෙම කියනවත් එක්කම මම  ආයෙ කිචනෙ එකෙන් මගෙ රූම් එකට ආවෙ හිතින් ඔක්කොටම බැන බැන  ඇත්තටම මම පාටි වලට ආසම නැ මොකද  ඔය පාටිවලට ගියාම ඒකෙ ඉන්න මිනිස්සුන්ව මම බාගෙට බාගයක් දන්නෙ නැ ඒ මන්දිවට තනියම ඉන්න වෙනෝ ගිහිපු අහ 😒 

 ♡ Her gaze ❆Where stories live. Discover now