ප්‍රශ්නාර්ථ )!~

64 18 4
                                    


+ මට ඔයාව තාමත් මතක් වෙනවා නාශ්! අඩුවක් නැතුවම...
සමහර වෙලාවට මම මේ කරන දේවල් හරිද වැරදි ද කියලා හිතාගන්න බැරි තරමටම මම වෙනස් වෙලා...

ගෙවුණු මතක එක්ක එකතුවුනු පුංචි ඉකියක් හදවත ඇතුලේ කෑ ගහනකොට, මම ආයෙත් හිත හංගගෙන මේ කෲර ලෝකෙට චරිතයක් පෙන්නනවා!

එත් මම තාමත් හිත ඇතුලින් ඔයාගෙ ගාව කදුලු බේරගෙන අඩපු පුංචි කෙල්ල විතරමයි නාශ් !

~ හ්ම්ම්...

+ ඔයාගෙ හිනාව තමයි මේ හැමදේටම මුල, මොන දේ උනත් ඒ හිනාවට පුලුවන් පෙම්බර ජීවිතයක් බේරගන්න...

මටත් පුදුම මේ ලස්සන හිනාව මාව වෙනස්ම කෙනෙක් කරපු හැටි හිතාගන්න බැරි තරමට............

~ ඔයාගෙ හිනාවත් ඇමා!

+ ඒත්, මම ආදරේ කරන්නේ කදුලු වලට විතරයි නාශ්.. ඒ කදුලු තමයි මට ඔය හිනාව මුනගැස්සුවේ!

ඉතින්,මට මොකට ද හිනාවෙන්න කාරණාවක් ? ඔය හිත මාව වෙනස් කරාම.....

_________________________________________







" සමහර වෙලාවට හිනාව කලාවක් වෙන්න පුලුවන් , ඒත් ව්‍යාජ හිනාවකින් ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරනවට වඩා,
ඔයා ඔයාම වෙන්න!
හිනාවෙන්න හිතට සැහැල්ලුවක් දැනෙන හිතක් ගාව විතරක්ම .......

කදුලු පිරිච්ච රිදුම් වලත් දැනෙන පුංචි හැගීම් වලට ඉඩක් දෙන්න, සමහර වෙලාවට ඒක හිතට ලොකු සැහැල්ලුවක් , අපි හිතනවාටත් වඩා................."







අවී 🖤

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now