ප්‍රශ්නාර්ථ )!~

30 9 4
                                    


+ නාශ්! අපි ඈත් වෙලාද?

~ ඇයි ඇමා!

+ මම වෙනස් වෙනවද නාශ්? මොනම දේකින් හරි?

~ නැහැ ඇමා! මට ඔයාගෙ හදවත තාමත් දැනෙනවා!

+ මට වෙලාවකට බයයි නාශ්!
මුකුත් ලියාගන්න බැරි තරමට මම හිස් වගේ. ඉතින් මට බයයි නාශ් මම වෙනස් වෙයි කියලා!!

මට බයයි මම මෙහෙම හරි ලියලා මිනිස්සුන්ට මතක් කරලා දෙන්න හදන,
මිනිස්සුන්ට අමතක වෙච්ච ඒ ආදරණීයම පුද්ගලයව මට මතක් කරන්න බැරි වෙයි කියලා!!

හරියට ඔයා වගේ නාශ්!

~ නැහැ ඇමා! ඔය ලස්සන හදවතට පුලුවන් එහෙම කරන්න.

මොක ද කිව්වොත් ඇමා, ඔයා ආදරණීය මනුස්සයෙක් ! ලස්සන හදවතක් තියෙන කවියෙක්! මම ඒකයි ඒ හදවතට ඇහුම්කන් දෙන්නේ. !!

+ඔව් නාශ්!

මම හිතන්නේ මට පුලුවන් වෙයි මිනිස්සුන්ගේ ඒ අමතක උනු ආදරණීය පුද්ගලයව ආයෙත් මතක් කරලා දෙන්න.

ඒක තමයි මගේ වචන වල අභිප්‍රාය..

~ හ්ම්ම්...


_____________________________________

ප.ලි.||
අවසානයේ මා නුඹේ වටිනාකම හඳුනා ගත්තෙමි!
ඉදින්,

මා මගේ කාරුණික හදවතට නුඹව ආරෝපණය කළෙමි..!!

අවී 🖤

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now