ප්‍රශ්නාර්ථ )!~

30 9 2
                                    

+නාශ්! අදත් හද පායලා, මම කැමතිම විදිහට!

~ හ්ම්ම් ඇමා!!

+ මම යුතුකමක් විදිහට හද එක්කත් හිනාවෙලා අහසටත් ආයෙමත් ස්තූති කරලා ආවා නාශ්!!

මම දැන් දීප්තිමත් තරු හොයන්න මහන්සි වෙන්නේ නැහැ! ඔයා කියලා දුන්න විදිහට මම මමම උනා! දැන් මම මගේ හදවතට පක්ෂයි!!

~ මට දැනෙනවා ඇමා!!

+ ඉතින් ඔයා තරුවක් වෙලා කියලා මම විශ්වාස කරනවා. මම දන්නවා ඒකත් ඇස් බැන්දුමක් තමයි. ඒත් නාශ්, මේ අපේ කතාව!

මම ඔයාට ස්තූතිවන්ත වෙනවා මගේ අමාරුම තැන්වලදී මාව හොයාගෙන ආවට!

මම ඔයාට ස්තූතිවන්ත වෙනවා මට හිත පාලනය කරගෙන ඉවසන්න පුරුදු කරාට!

මම තාමත් ස්තූතිවන්ත වෙනවා ඔයා මාව අත් අරින්නේ නැතුව අල්ලන් ඉන්නවට!

මම හිනාවෙනවා ! ජීවිතේ අලුතින් හොයනවා!

දන්නවද නාශ්?

ඔය ලස්සන හදවත නිසා දැන් මම ලස්සන හැගීම් වලට ව්‍යංගාර්ථයක් දෙනවා!

මම කදුලු පාලනය කරගෙන හිනාවෙනවා නාශ්!!

~ ඇමා!
ස්තූති කරන්න ඕනිම ද? මම ඔයාගේ හදවත්ලාභියා නෙමෙයි ද?

ඉතින් , ඔයා හිනාවෙනකොට මගේ හදවතත් පිරෙනවා ඇමා!!

+ නාශ්! ඔයා මගේ ආදරණීයම කල්පිතයක් ! කවදාවත් මගෙන් ඈත් වෙන්නේ නැති!!

______________________________________

ප:ලි||

බැදීම් රිදවන හෙයින් නුඹ මාගේ සවන්දෙන්නා මෙන්ම කල්පිතයක් වූ නිසා මාගේ හදවත නුඹට ඉතා විවෘතව කියවීමට ඉඩ දුන්නෙමි. නුඹ එය කොතැනක වත් පළ නොකර නුඹේ හදවත තුළ තැන්පත් කරගත් නිසා අද මා නුඹට තවමත් ස්තූතිවන්ත වෙමි!

-අවී-

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now