ප්‍රශ්නාර්ථ)!~

41 7 6
                                    



+නාශ්! මම දෙයක් අහන්නද?

~කියන්න ඇමා!

+නාශ්. ඔයා මාත් එක්ක හැමදාමත් ඉන්නවද? මේක බොළඳ ප්‍රශ්නයක් තමයි.

ඒත් මං අදහස් කරේ "මගේ ආත්මෙට හොදක් කරන්න වගේම මම නරකට ගියත් ඔයා මාත් එක්ක ඉන්නවා නේද??" කියන වචන ටික ඒක ඇතුළේ තිබ්බේ නාශ්.

ඇත්තටම ඇහුවොත් මම නරක දෙයක් කරත් ඔයා ඒ විදිහටම මාත් එක්කම ඉන්නවද නාශ්?

~ ඇමා.. ඔයා දන්නවා සමහර ප්‍රශ්න තියෙනවා අපි උත්තර දන්න. ඒත් සමහර ප්‍රශ්නාර්ථ වලට උත්තර හොයන්න අපි ගොඩක් මහන්සි වෙන්න ඕනි ඇමා.

ඉතින් මම ඔයාගෙනුයි ඔයා මගෙනුයි අහන්න ඕනි තරම් දේවල් තියෙන නිසා මම නවතින්නම්.ඔයා කතා කරන්න ඇමා. මම එදා වගේම අදත් ඒ විදිහටම ඇහුම්කන් දෙන්නම්.

+කියන්න නාශ්! ඔයා ඉන්නවා නේද? මට උත්තර එපා නාශ්. මම දන්නවා ඔයා ඉන්නවා කියලා. මට ඒ ඇති කියන්න මම බොළඳ නැහැ . ඒත් ඔයාගේ හිනාව ඒ සේරම මට විස්තර කරනවනේ නාශ්.

~ මම ඉන්නවා ඇමා...

+ නාශ්. අද ඔයා කතා කරන්න. මම අහන් ඉන්නම්. මම කතා කරනවා ප්‍රශ්න අහනවා වැඩි නිසා අනේ ඔයා අද කතා කරන්න නාශ්. මම තේරුම් ගත්තා මමත් ඔයාට ඇහුම්කන් දෙන්න ඕනි නේද කියලා නාශ්..

~ ඇමා! ඔයා ඕවා කොහෙන් හොයාගෙන කියනවද මන්දා. මං ගැන කතා කරන්න දන්නේ ඔයා නිසා මම සතුටින් ඇමා.

ඒත් මම සතුටු වෙනවා ඔයා මට අවස්ථාවක් දීලා මගේම හොඳම සවන්දෙන්නා වෙනවට!


___________________________________

ප.ලි.||

සෑම සවන්දෙන්නෙකුටම පෙරළා හොද සවන්දෙන්නෙකු බෙහෙවින් අත්‍යවශ්‍යය.

-ඇමා-
____________________________________

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now