ප්‍රශ්නාර්ථ )!~

39 11 0
                                    


+ නාශ්! ඔයාට ඇහෙනවද?

~හ්ම්ම්.....

+ ඔයා දන්නවා නේද මම ආස තරු වලට කියලා?

~ හොවැංහෝ තරු......

+ඔයා මොනවද දන්නේ නැත්තේ ඉතින්!
ඒත් නාශ්, මම හොවැංහෝ තරු වලට ආස උනත් ඒවා බලන්න ලේසියෙන් බැහැනේ....

මම කැමතියි මහන්සියක් අරන් ඒවාගේ තේරුම් හොයන්න.. ඒත්, ඔයා දන්නවනම් ඔයාව මට පේන්නේ වීනස් තරුව වගේ කියලා ඔයා මොක ද කරන්නේ?

ඔව්, ඒත් ඔයා හිනාවෙනවා ! ඒක තමයි මම කැමතිම කොටස!
~ හ්ම්ම්, කියන්න....

+ ඔයා කවදාවත් මගේ සතුට නැති කරලා නැහැ නාශ්! ඔයා මම අඩන වෙලාවට මාව සැනසුවා වගේ , දැනුත් ඔයා මගේ හිත හැදෙන්න ලස්සනට හිනා වෙවී ඉන්නවා..
හැබැයි මට නිදහස ඕනි වෙලාවට ඔයා මට නිදහසක් දෙනවා!

ඒකයි මම ඔයාව මගේ වීනස් තරුව විදිහට තෝරගත්තේ!

හද පායන්න කලින්ම පායලා , අහසේ ලස්සන රටා මවලා, හිත නිදහස් කරලා, අනිත් තරු පායන්න කලින් වීනස් තරුව හැංගිලා යනවා!
ඒ හද පායන්න ඉඩ දීලා...
ඒකයි මම ඔයාට වීනස් කියන්නේ නාශ් !

~ ඒත්, ඔයා තාමත් ලස්සන තරුවක් ඇමා!




_________________________________________

" නුඹ සිනාසෙන විට තවමත්,
මා හද පතුලෙහිම ගැබ් ගත්,
විසල් සිතුවිලි යදම් බිදමින්,
ලොවට පිවිසෙන මොහොත,
දැන් අරුමයකුදු නොවේ"


අවී 🖤

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now