ප්‍රශ්නාර්ථ )!~

31 9 8
                                    


+ සමාවෙන්න නාශ්! මම අද පරක්කු උනාද?

~ ඇමා ඔයා අදත් කණාමැදිරියො අල්ලන්න ඇති! එහෙම නේද?

+ ඔයා කොහොමද මගේ දේවල් හැමදේම දන්නේ නාශ්? මට ඒක පුදුමයි!

~ මට ඔයාව දැනෙනවා! පුංචි දේකදි උනත්...

+ ඉතින් නාශ්,කියන්න දේවල් ගොඩයි..ඒත් කොහෙන් පටන් අරන් ඉවර කරන්නද ? මම දැන් කාලෙත් එක්කත් සෙල්ලම් කරන්න පටන් අරන්.
ඉස්සර මට ඒකත් ලොකු කරදරයක් !

~ ඉතින් ඇමා බලන්නකෝ ඔයා දැන් අඩන්නෙත් නෑ! ඉස්සර වගේ නෙමෙයි හැමදාම හැමදේම වෙනස් වෙනවා..

ඔයා ශක්තිමත් වෙන්න ඕනි මිසක් ආයෙත් මාව බදාගෙන අඩන්න තරම් වැටෙන්න හොද නැහැ! මම දන්නවා ඒක නිසා මම ඔයාගෙන් ඈත් වෙනවා කියලත්! ඒත්, ඒක තමයි මගේ වගකීම ඇමා!

+ දෙයක් කියන්න ද?මම අද කතා කරන්නෙත් නැතුව ඔයා ගොඩක් දේවල් කතා කරා! ඒක හැමදාටම එහෙම වෙන්න ඕනි නාශ්!

මොන දේ උනත් මට බෑ ඔයාව මගෙන් ඈත් කරගන්න! ඒක මායාවක් වෙන්න පුලුවන් , ඒත් මම දැන් ඒක අතාරින්නෙත් නැහැ !

~හ්ම්ම්...

____________________________________

ඉතින්, අපි නේද අපේම ජීවිතේ ලස්සන කරගන්න ඕනි?

ඔයා ඔයාම වෙන්න!
මොන දේ උනත් ආදරණීය බැදීම් අපිව ආරක්ෂා කරයි, නොහිතන විදිහට!

අවී 🖤

𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||Where stories live. Discover now