+නාශ්! මට ඔයාව කවමදාවත් අමතක වෙන එකක් නෑ නේද? මම අහන්නේ වචනෙකින් වත්!
~හ්ම්ම්...
+ මම අහස දිහා බලන් ඉදියා වීනස් තරුව පොඩ්ඩක් හොයාගන්න වත් කියලා හිතන්! මොක ද ඔයා මගෙම වීනස් නිසා.. ඒත්, මට සාමාන්‍ය තරු එක්ක මම තෝරන් ආදරේ කරපු තරුව හොයාගන්න අමාරු උනා!
ඇත්තම කිව්වොත් මම එක වගේම තරු තුන හතරක්ම හොයාගත්තා!
~ ඇමා! ඒත් ඔයා තාම අහස අත් ඇරියෙවත් තරු ඈත් කරේ වත් නැහැනේ!
+ ඒත් නාශ් සමහර දවස්වලට මට අපේ මතක අලුත් කරපු තැන් පවා අමතක වීගෙන යන්න පටන් අරන්! මට බෑ මේ දේවල් නැති කරගන්න .. මට ආයෙත් කදුලු පෙරන් අඩන්න ඕනි .. ඒත් දැන් ඉස්සර වගේ නෙමෙයි ඒකත් වෙනස් වෙලා ගොඩක් දුරටම!
ඒත් ඔයා මගේ මතකයක් නෙමෙයි කියලා හිත කියන්නෙම ඒක හීනයක් නොවෙන නිසා වෙන්න ඇති...
ඉතින්, මම ආයෙත් පටන් ගන්නවා ඔයාව හොයන්න! කොහොම හරි ඒ තරු ගොඩින් ආයෙත් මම ඔයාව වෙන් කරගන්නවා!
එතකොට ඔයා ආයෙත් හිනාවෙයි,මුකුත්ම නොකියම......!_____________________________________
ප.ලි. ||
ආදරණීය මිනිසුන් කෙදිනක වත් ආදරය මෙයැයි කියා නිර්වචනය නොකළේය.මා දන්නා එකම දෙයක් වේ නම් එය මිනිසුන් තුළ ගැබ් වූ අධිශෝකාන්තික හැගීමක් ලෙස විවරණය වූ වදන් පෙළක් පමණක්ම වන්නේ ය...
අවී 🖤
YOU ARE READING
𝙷𝚎𝚊𝚛𝚝𝚖𝚊𝚝𝚎 ||
Poetryɪғ ʏᴏᴜ'ʀᴇ ʜᴀᴠɪɴɢ ᴀ ʙᴀᴅ ᴅᴀʏ, ᴄʟᴏsᴇ ʏᴏᴜʀ ᴇʏᴇs ᴀɴᴅ ᴄʜᴏᴏsᴇ ᴏɴᴇ ᴏғ ᴛʜᴇsᴇ. ᴛᴀᴋᴇ ᴀᴅᴠᴀɴᴛᴀɢᴇ ᴏғ ᴀ ᴡᴏʀᴅ ғʀᴏᴍ ᴛʜᴀᴛ sᴇʟᴇᴄᴛɪᴏɴ. ɪ ʜᴏᴘᴇ ᴛʜᴇ ᴡᴏʀᴅs ᴋᴇᴇᴘ ʏᴏᴜ ᴀʟɪᴠᴇ. ʟᴏᴠᴇ ʏᴏᴜ ɴᴀᴀsʜ❥