Chapter 06

512 141 71
                                    

නා පිරිසිදු වූ ටේහියුන් පඩිපෙල බැසගෙන ආවේ තමන්ගෙ දිවා ආහාරය ගැනීමටයි.

"ටෙ ටේ බේබි මොනවද ඕනෙ,"

ආහාරගෙන අවසන් වුණු ලුසිෆර් අත්පිස්නාවෙන් අත පිසදමමින් ඇසුවේ ය.

"තෙ තේත ඉත්තෝබෙලි මිල්ක්තේක් එක දෙන්නකූ හියුංගී,"


"නෝ නෝ,මිල්ක්ශේක් බොන්න කලින් හොඳට කාලා ඉන්න ඕනේ,"


"ලුතිපර් හියුංගී,තා කන්න බෑ අලේ....තෙ තේගෙ බන්ඩි පුල්...."තොල නොපිට පෙරලූ ටේහ්‍යුන් ඉතා සුරතල් ලෙස සිය නොකැමැත්ත පල කළේ ය.


"හරි හරි එහෙනම් ආ මෙන්න බොන්නකෝ,"

ටේහ්‍යුන්ගේ සුරතල් හැසිරීමට විරුද්ධත්වය පල කළ නොහැකි වූ ලුසිෆර්,තමා අසළ තිබූ මිල්ක්ශේක්  වීදුරුව ටේහ්‍යුන් වෙත දිගු කළේ ය.



"තැම්කූ,හියුංගී......හියුංගි ඊශ් ද බෙස්ට්"ලුසිෆර් වෙත හාදුවක් පා කල ටේහ්‍යුන් තම මිල්ක්ශේක් වීඳුරුව රස විඳින්නට විය.


"එක්ස්කියුස් මී බොස්,"

දූවගෙන ආපු ලුසිෆර්ගෙ හෙංචය්යා ආපු කාරණාව කියන්න කලින් මුලින්ම එක්ස්කියුස් කරල හිටියෙ බල්ලෙක් කෑමකකා ඉන්න වෙලාවක එකපාර බාධා කරොත් තමන්ට වෙන දේ සහසුද්දෙන්ම දන්න නිසා,



"කියපන්"


"ශින් අතුරුදන් බොස්,ඊයෙ ඉඳල හොයාගන්න නැහැ"


"මොකක්!ආ..හ්,මොන මගුලක්ද,තමුසෙ කට්ටිය අරන් දැම්මම පිටත් වෙනවා,ඌව හොයාගෙන මිසක් ආයෙ මේ පැත්ත පලාතෙ පස් පාගන්න ලෑස්ති වෙන්න එපා,"



"ඕකේ බොස්"


"ශිට්!වද දෙනවා මුන්...,,ඕයි! මෙහෙට වරෙන්,,ඉරේනාට කෝල් එකක් දාල බලපන් පොඩ්ඩක්,ඒකි දන්නව ඇති ශින් ඉන්න තැන "


"හරි බොස්"


මරාගෙන මැරෙන්න තරම් පීඩනේකින් හිටිය ලුසිෆර් දඩාං ගාලා මේසෙට ගැහුවෙ ටේහ්‍යුන්වත් එක්ක හෙල්ලිලා යන්න,ලුසිෆර්ගෙ ලඟම සේවකයෙක් උනු ශින්ගෙ අතුරුදන්වීම ලුසිෆර්ට එසේ මෙසේ පාඩුවක් නෙවේ,මොනා උනත් මිල්ක්ශේක් එක තොල ගගා හිටිය ටේහ්‍යුන්නම් ලුසිෆර්ගෙ මේ හැසිරීම දැකලා යටි හිතින් උඩ පැන පැන හිටියේ.

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now