Epilogue

351 30 4
                                    

ඔයා මේක කියවද්දි මම මේ ලොකෙ නැතුව ඇති. මොකද මේ පලිගැනීම ඉවර වෙද්දි අපේ පවුලට සාධාරණය ඉටු කරලා ඉවර වෙද්දි මම ජීවතුන් අතර හිටියොත් මගෙ මුල්ම වැඩේ මේ ලියුම පුච්චන එක.... ඒත් මම තව දුරටත් හුස්ම ගන්නැත්තන් ඔයාට පුලුවන් මේක කියවන්න...

දන්නවද කුකී ඔයාගෙ ඒන්ජල් ඔයා හිතනවටත් වඩ දසදහස් ගණනකින් ඔයාට ආදරෙයි.

කුකී ඔයාට පුලුවන් නේද අපේ පුංචි බනී පැටියට හොද අප්පෙක් වෙන්න ? දන්නවද මට මගේ පවුල නැති වුනාම මට හිටපු එකම පවුල ඔයා වගේම ජින් හියුන්, නම්ජූන් හියුන් , ජැක්සන් , යොංජුන් , රෝස් වගේම ලීසා විතරයි. මම මේක ලියන වෙලාවෙත් ප්‍රාර්තනා කරන්නෙ මට මගෙ පවුල එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා.
ඒත් මේ ජිවිතය නිශ්චිත නැනෙ... කොයි වෙලාවෙ හටගෙන කොයි වෙලාවෙ නැති වෙයිද දන්නෑ... ඒකයි අද මම මගෙ හැගීම් මෙකෙ ලියන්න හිතුවෙ.

ඔක්කොටම කලින් මට ඔයාගෙන් සමාව ගන්න ඔනි කුකී. ඔයා සමාව දෙනවා නේද? මම එහෙම හිතුවත් මම දන්නවා මම කරලා තියෙන්නෙ ඔයාට සමාව දෙන්න බැරි වරදක්. මම රෝස් එක්ක වගේම ලීස් එක්ක සෙක්ස් කලා. ඒක වැරදී ඒත් මට මගෙ ස්ට්‍රෙස් එක යවාගන්න තිබ්බ එකම ක්‍රමේ ඒක මගෙ කුකී.. මගෙ පවුලෙම අය එක සැරේම මට නැතිවෙද්දි මම ආදරේ කරපු කෙනා මගෙ ලග ඒ දුක බෙදාගන්න නැතිවෙද්දි මගෙ හියුන් වගෙ හිටපු නම්ජූන් වගේම ජින් හියුන්ලා නැති වෙද්දි මම ගොඩක් මානසිකව වැටුනා කුකී. මම ඩ්‍රග්ස් වලට වගෙම සෙක්ස් වලට ඇඩික්ට් වුනා. මට මගෙ දුක තරහව තනිකම වෛරය හැමදේම නැති කරගන්න උදව් වුනේ ඒ දේවල්. රෝස් වගේම ලීස් මට ඒ දේට උදව් කලා. ඒ දෙන්නගෙ වරදක් නෑ කුකී..... ඒ දෙන්නා විතරයි මට මගෙ කෙනෙක් විදියට ලගින් හිටියෙ. ඒ දෙන්නා එයාලට පුලුවන් විදියට මට උදව් කලා... ආපහු සැරයක් සමාවෙන්න කුකී. මම දන්නවා මට සමාව දෙන්න බෑ කියලා ඒ වරදට ඒත් මට සමාවෙන්න කුකී.

කුකී මම මේ ලොකෙ නැතු වුනාම ඔයා දුක් වෙන්න එපා හරිද හැමදාම මම ඔයා ලගින්ම ඉන්නවා. අපේ ජන්ග්හියුන් බබාට හොද අප්පා කෙනෙක් වෙන්න. කොයි වෙලාවකවත් දුක් වෙන්න එපා මම නෑ කියලා කුකී එතකොට ඔයාගෙ ටේට දරාගන්න බැරි වෙයි. ඔයාට අඩන්න ඕනිනම් වතුර යටට ගිහිල්ලා අඩන්න කුකී වතුරත් එක්ක ඔයාගෙ දුක හේදිලා යයි. ඔයාට සහනයක් දැනෙයි. එතකොට මට ඔයාගෙ කදුලු වගේම වතුර වෙන් කරලා අදුරගන්න බැරිවෙයි නේද ?

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now