Chapter 22

358 64 23
                                    

ළමා නිවාසෙ ළමයින්ට ගෙනාපු තෑගිටික බෙදුව ටේකුක් දෙන්නා ඊලගට ලෑස්ති වුනේ තමන් යොදාගෙන තිබ්බ ඊළග වැඩේට යන්නයි. දැනටමත් 10 කිට්ටුවෙලා තිබ්බ නිසා ළමානිවාසෙ ළමයින්ගෙන් සමුගත්ත ඔවුන් දෙදෙනා නැවතවාරයක් තමන්ගෙ මෝටර් රථය දෙසට ගියේ එයාලගෙ පුංචි බනී පැටියා එයාලා දිහා දුකින් බලාගෙන අතවනද්දීයි. අනෙක් අතට ඔහුට අතවනලා ඔහුගෙන් සමුගත් ටේහියුන් වාහනයෙන් අසුන්ගත්තෙ  ජන්කුක් වාහනය පනගන්වා බොරලු පාර දිගේ ළමා නිවාසයෙන් එලියට වාහනය ගෙනයද්දීයි.

නැවතත් පිටුපස හැරී නොපෙනී යන ළමා නිවසය දෙස මද හිනාවකින් බලාසිටි ටේහියුන් නැවත ඉදිරියට හැරී ජියරය මත තිබ්බ ජන්කුක්ගෙ අත අල්ලාගත්තේ ජන්කුක් ඒ මතින් අතගෙන ටේහියුන්ගෙ ඇගිලි අතරින් ඔහුගෙ ඇගිලිද පටලවාගෙන ඉදිරිය බලා වාහනය දාවනය කරද්දියි.

" කූ ජන්ග්හියුන් ගොඩාක් ආසවෙන් ඉන්නෙ අපි දෙන්නා ලගට ඇවිල්ලා එකට ජීවත් වෙන්න. පවු ඒ අසරණයා. මට පුලුවන් දවසක මම අනිවාර්යයෙන්ම ඒ අහිංසක පුංචි පැටියව මගෙ ලගට ගන්නවා. "

ජන්කුක් මදක් ටේහියුන් දෙස බලා සිනහ වූයේ  ටේහියුන්ද එදෙස බලා ආදරණීය හිනාවක් ඔවුන් දෙදෙනා අතර හුවමාරු කරගනිද්දීයි.

නැවතත් ඉදිරිය බලාගෙන වාහනය දාවනය කර ජන්කුක් ඔවුන්ගෙ රහස් තිප්පොලට යාමට තියෙන කෙටි කැලෑ පාරකට වාහනය හැරෙව්වෙ තවත් ටික දුරක් ගිය පසු ඒ විශාල මන්දිරය ඔහුන්ගේ දෑස් ගැටෙද්දියි.

ඒ වනවිටත් මන්දිරය ඉස්සරහා නවතා තිබූ වාහන හතරමෙන්ම කියාපෑවෙ දැනටමත් ජින්, නම්ජූන් , ජැක්සන් සහ යොන්ජුනිත් එම ස්ථානයට රැස්ව ඇති බව ඔහුන්ට ඒත්තු ගන්වමිනුයි

" ඒනජල්... "

මදක් කටහඩ ගැඹුරු කර පැවසුඉ ජන්කුක් ඊලග මොහොතේ ඔහුගෙ බනි හිනාව දැම්මෙ ටේහියුන්ගෙ කටින් එක පාරටම හිනාවක් පිටවෙද්දි..

" ඇත්තමයි ජන්කුක් මට හිතාගන්න බෑ ඔය බනී ස්මයිල් එකක් තියාගෙන ඔයා මට කොහොම ටොප් වුනාද කියලා."

" ඒම කතාලරන්න එපා ඒනජල් මේ බනි හිනාව තිබ්බට ඔයාට වඩා මසල්ස් මට තියෙනවා. අනික මම තමා කොහොමත් ටොප්. ඔයාට බෑ මට ටොප් වෙන්න. "

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ