Chapter 15

392 95 95
                                    

Flash Back

Knock Knock🚪

" ඇතුලට එන්නැ. ලොක් කරලා නෑ "

අවුරුදු 14ක පමණ වසයැති කුඩා හුරුබුහුටි ගැහැණු ළමයෙක් මුහෙනෙහි හා අත්වල දිය සායම් ගාගෙන තමා ඉදිරියෙ ඇති කැන්වස් එකෙ ලස්සන චිත්‍රයක් අදිමින් සිටියෙ තමාගෙ දිවෙ එක් කොනක් සපාගෙනයි.

"මගෙ ප්‍රින්සස් මොකද කරන්නෙ? "

ඒ සැණින් අකුණක් ගැසුවක් මෙන් සිටි තැනින් නැගිටි ඇය කටහඩ ආ දෙසට හැරී සිටි පුද්ගලයා දෙසට දුවගොස් ඔහුගෙ ඇගෙ එල්ලෙද්දීයී.

" ඕමො ප්‍රින්සස් දැන් ගොඩක් ලොකුයිනෙ. කෝ බලන්න මූන. දැන් ලස්සන වෙලා ගොඩක්. මූන පෙන්නන්නකො අනෙ...."

ඒ සමගින්ම ඔහුට දැනි ගියෙ ඔහුගෙ උරහිස තෙත්වනවායි. ඔහුට තෙරුම් ගියා එයාගෙ චූටි ප්‍රින්සස් අඩනවා කියලා.

" ඇයි පැටියො මේ අඩන්නෙ? ම්ම් කෝ හොදබබා වගේ අඩන්න එපා. ඔප්පා ආවනෙ. මම මාසයක් විතරයිනෙ ඔයාගෙන් ඈත්වෙලා හිටියෙ."

" බූරු සයිබීරියානු හොට පොඩි කෑදැත්තා. මම හුගක් පාලුවෙන් හිටියෙ. අනික යද්දි කියලා යන්න තෙරෙන්නැද්ද. දන්නවද මම කොච්චර ඇඩුවද කියලා? ඔයාට මාසයක් කියන්නෙ පොඩි කාලයක් වුනාට මට අවුරුද්දක් වගේ. ගොන් මොඩයාආආආ."

" මම ඔයාට බායි කියන්න ආවා airport එකට යන්න කලින්. ඔයා හොද නින්දක හිටියෙ. මට හිතුන්නෑ ඇහැරවන්න. බලන්නකො මම ඔයාට තෑග්ගක් ගෙනාවා . හොදද කියලා බලන්නකො.මෙන්න."

එම පුද්ගලයා කුඩා ගැහැණු ළමයා දෙසට දික් කලේ ලී වලින් සැදූ තරමක් විශාල ලස්සන පෙට්ටියක්.ඒ දෙස ටික වේලාවක් පුදුමයෙන් බලාසිටි ඇය පෙට්ටිය විවෘත කර බැලුවෙ කුතුහලයෙන් යුතුවයි.ඒත් සමගම ඇයගෙ සිහින් බෝල ඇස් දිස්න ගහන්න වූයෙ ඇයගෙ සිත සතුටින් පිරි යද්දීයි.

" වාව්!!! ඔප්පා මේ තියෙන්නෙ හොදම ජාතියෙ දියසායම් නේද? ඒ..ඒත් ඔප්පා ම්...මේවා ගොඩක් ගණන්නෙ."

" ආහ් ඒකට කමක් නෑ ඔයා මට එකට ණය විදියට ඔයා මේ වෙනකම් ඇන්ද ඔක්කොම චිත්‍ර ටික දෙන්න."

ඇසක් ගසමින් පැවසූ ඔහු කුඩා ගැහැණු ළමයාගෙ කම්මුල මිරිකුවෙ ඇය කම්මුල අල්ලාගෙන ඔහු දෙස බලාසිටිද්දීයි.

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now