Chapter 18

400 99 65
                                    

ටේහියුන් සහ බෝගම් නොදැනීම දෙදෙනාගෙ උණුසුමෙ නින්දට වැටෙද්දී තවත් කෙනෙක් හිතේ ඇතිවුන දුකත්,කේන්තියත්,ඊර්ෂ්‍යාවත් නිසා විස්කි බෝතලයක් එක උගුරට බිව්වේ එක් ඇසකින් කදුලු බිදු පෝලිමක් කඩා වැටෙද්දීයි. ඒත් සමගම තම කේන්තිය නිවා ගැනීමට මෙන්  මෙතෙක් වේලා අතෙ සිරකරගෙන සිටි විස්කි බෝතලය පොළොවෙ ගසා කුඩුකලේ මෙතෙක් වේලා හිතෙ කැකැරෙමින් තිබූ තමන්ගෙ එකම ආදරට තමන්ට අහිමිවෙදෝ කියා හිතට දැනුන බිය හෙතුවෙන් තමන්ගෙ හිසකෙස් තදින් අල්ලාගෙන ඇදගනිමින් කෑගසා හඩා වැටුනෙ ඔහු සිටි තැනම බිත්තියට වාරු වී බිමට රූටා වැටෙද්දීයි.

' මම අවුරුදු හතරක් ඉවසුවා හැමදේම ඉක්මනටම හරියයි කියලා හිතුවා. ඒත් තවත් ඉවසන්න බෑ. මගෙ ඇස් ඉස්සරහම මගෙ පළවෙනි වගෙම අන්තිම ආදරේ වුන මගෙ බෙයාව එයාගෙ කියලා තුරුලට අරන් කිස් කරද්දි , එයාගෙ ෆියොන්සෙ කියද්දි , එයාව තුරුල් කරන් නින්දට යද්දි.... මම තව ඉවසන්න ඔනිද ? මට ලැබෙන්න ඔනි පහස මම අවුරුදු හතරක් කැප කරලා බෝගම්ට මට අයිති වුන ආදරේ , පහස සේරම ලැබෙද්දි මම කොමද තවත් ඉවසන්නෙ??? මේ හැමදෙයක්ම  එක සැරින් ඉවරයක් කරලා දාන්න පුලුවන්නම්. අවුරුදු හතරක් මම මගෙ බෙයාගෙ ආදරේ උණුහුම නැතිව මැරි මැරි ඉපදුනා.... මම කොච්චර ඉවසීමක් ඉවසුවද කියන්න මට තෙරෙන්නෑ. මට තව මොහොතක්වට්ග් ඔයා නැතුව ඉන්න බෑ.මට මේ සේරම ඉවර වෙනකම් ඔයා ලගට ලංවෙන්නැතුව ඉන්න බෑ. මට හෙට දවස කාගෙවත් කරදරයක් නැතිව ඔයත් එක්ක ගෙවන්න ඔනි. විශේෂයෙන්ම බෝගම්ව... හෙට දවස එයා පිටකරලා තියන්න ක්‍රමයක් හොයාගන්න ඔනි. මොකද්ද මම කරන්නෙ ??? '


ජන්කුක් හිටපු තැනින් නැගිටලා එහාට මෙහාට ඇවිදින ගමන් කල්පනා කලා එයා මොකද්ද කරන්න ඔනි කියලා බෝගම්ව හෙට දවස  කොහොම හරි බංගලාවෙන් යවාගන්න.


" ජ්.. ජිමින් ඔව් එයාට කිව්වනම් හරි. කොහෙද  ෆෝන් එක ශිට්!! "


ජිමින්ට ඇමතුමක් ලබාගන්න තමන්ගෙ කලිසමෙ හැම සාක්කුවකටම  අත දදා හෙව්වත් ෆෝන් එක හම්බුන්නෑ. කෙන්තියෙන් ශබ්දයක් පිට කල ඔහුට මතක් වුනෙ තමන් විසින්ම ෆෝන් එක මිට සුලුවෙලාවකට පෙර  ඇදට විසික් කල බවයි. ඉක්මනින් ඇද දෙසට දිවගිය ඔහු ඇදේ මැද්දට වෙන්න තිබුන ෆෝන් එක අත් අතරට ගෙන කන්ටැක්ට් ලිස්ට් එකෙ උඩ සිට පහලට ගියෙ ජිමින්ගෙ දුරකථන අංකය සොයා ගැනීමටයි.

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now