Chapter 1

102 16 3
                                    

මම ජන්ග්කූක් එක්ක එයාගේ කාර් එකට ඇවිත් පැසෙන්ජර් ශීට් එකේ ඉඳගෙන මගේ කෝට් එක ලැප් එකෙන් තියාගෙන බෑග් එකත් ඊට යටින් තියාගත්තා. ජන්ග්කූක් එයාගේ ශීට් බෙල්ට් එක දාගන්න ගමන්ම කතා කරද්දී මමත් මගේ ශීට් බෙල්ට් එක දාගන්න ගමන් ජන්ග්කූක් කියන දේ අහගෙන හිටියා.

" මම හිතන්නේ නෑ හ්යුන්ග් එයා ඔයා එක්ක කතාවත් කරයි කියලා. "

" ඇයි ඒ ? "

ජන්ග්කූක් ශීට් බෙල්ට් එක දාලා ඉවර වෙලා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

" හ්යුන්ග් එයා අපේ ගෙදර මම, එයාව බලාගන්න මිසිස් කිම් ඇරෙන්න වෙන කාත් එක්කවත් කතා කරන්නේ නෑ. සමහර දාට එයා කතා කරන්නේ ම නෑ හ්යුන්ග් "

" ඉතින් එයාගෙන් ඇයි කියලා ඇහුවේ නැද්ද ?

" අහන්න දෙයක් නෑ හ්යුන්ග්. එයා එන්නේ නැත්තේ පපා බනින නිසා. පපා එයාට කැමති නෑ කියලා එයා දන්නවා හ්යුන්ග් "

" ඒ කොහොමද ? "

මට ගොඩක් පුදුම හිතුනා. මෙච්චර කාලෙකට මම ජන්ග්කූක් හෝසෝක් නම්ජුන් ඇරෙන්න වෙන කවුරුවත් පපා ජන්ග්කූක්ගේ පුතාට අකමැතියි කියලා දැනගෙන හිටියේ නෑ. අපි ඒක ජන්ග්කූක්ගෙ පුතාට දැනගන්න ඉඩ තිබ්බෙත් නෑ.

" පපා දවසක් එහෙම කිව්වා හ්යුන්ග්. මගේ පුතාගේ මූණටම කිව්වා එයා කැමති නෑ එයාට පේන්නවත් ඉන්න එපා කියලා. පපාට හිතක් පපුවක් නැද්ද මන්දා. පොඩි වයසකට ඒ දරුවට ඕවා බරයි හ්යුන්ග්. ඒත් එයා කට වහගෙන ඉන්නවා. "

ජන්ග්කූක් ස්ටියරින්වීල් එකට අත තියාගෙන ඉස්සරහා බලාගෙන ඒ සේරම කියලා ඉවර වෙලා ටිකක් වෙලා ඉස්සරහා බලාගෙන හිටියා. ටික වෙලාවක් එහෙ ඉඳලා ජන්ග්කූක් දිග හුස්මක් පහල දාලා මගේ මූණ දිහා බලනකොට මට හිතුනා එයා මගෙන් මොනාහරි උත්තරයක් බලාපොරොත්තු වෙනවා කියලා.

" එයා අසාමාන්‍යයයි තමයි. "

මම අන්තිමට හැමදාම කියන එක වාක්‍ය ආයෙත් කිව්වා. ජන්ග්කූක් ආයෙත් හුස්මක් පහල දාලා ඉස්සරහා බලාගෙන කාර් එක පාකින් එකෙන් එලියට ඩ්‍රයිව් කරගෙන ඇවිත් මේන් රෝඩ් එකට දැම්මා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now