Chapter 6

45 12 1
                                    

ඒත් එක්කම බුසාන් වල මේන් රෝඩ් එකෙන් අවුස් ඇවෙනියු එකට වාහනේ හරවනකොට මගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා ගියා. ඇවෙනියු එකේ කෙලවරටම ගිහින් ලොකු ගේ්ට් එක ඕපන් වෙලා වාහනේ ගාර්ඩ්න් එකට යනකොට මට කරුවල වැටිලා තිබුන ගස් නිසා පපාගේ ගෙදර බලාගන්න බැරි වුනා.

ඩ්‍රයිවර් වාහනේ පාර්ක් කරපු ගමන් මම වාහනෙන් බැහැලා ජන්කුක් වාහනෙන් බහිනකන් හිටියත් එයා කිසිම ගානක් නැතුව එපා වෙලා වගේ වාහනෙන් බහිනකොට මට කිසිම දෙයක් කියන්න බැරි වුනේ ජන්ග්කූක් අප්පා එක්ක කිසිම කතා බහක් නැති නිසා.

" ජන්ග්කූක් යන්න එ- "

" හ්යුන්ග් ඉස්සෙල්ලාම යන්න. මම පස්සේ එන්නම්. "

" හරි කුක් "

" මම ටේගේ රූම් එකට යනවා. "

" හරී. "

ජන්ග්කූක් එහෙම කියලා මගේ පිටිපස්සෙන් එනකොට මම ජන්ග්කූක් එක්ක මිස් යොන්ග් වයි සන්ග්වයි ලකී චාර්ම්ගේ රූම් එකට යැව්වේ එයාව ගෙදර එක්කගෙන යන්න රෙඩි කරවන්න කියලා.

මම ගෙට යනකොට පපා මමා එක්ක ඩෝර් එක ගාවට වෙලා හිටගෙන ඉන්නකොට මම පපාව පුරුද්දට වගේ හග් කලාට ඉස්සර වගේ ආදරේ උතුරන හග් එකක් වුනේ නෑ. පපා මාව ආයේ හග් කරනකොට මම කොච්චර පපාගෙන් ඈත් වෙන්න හැදුවත් පපාගේ හාට් බීට් එක වෙනදා වගේම මාව ඇදලා ගන්නකොට මම දන්නේවත් නැතුව පපාව මගේ අත් හග් කරගෙන තිබුනා.

පපාගෙන් ඈත් වෙලා මම මමාව හග් කරනකොට මමා වෙනදා වගේම මගේ නළල පෙක් කලා. ඉස්සර වගේම මම පපාගේ පෙක් එකට ඇදිලා යනකොටම පපා මට නළලට පෙක් එකක් දුන්න ගමන් මම අනිත් අතින් පපාවත් හග් කරගෙන ටිකක් වෙලා හිටියා. පපා මාව පෙක් කරද්දී ජන්ග්කූක් එහාට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා කියලා මට මමා ඇහෙන් පෙන්නනකොට මට ඉස්සර වගේ කියන්න බොරුවක් කටට ආවේ නැති වෙනකොට මම අසරණ විදිහට මමාට හිනා වුනා.

පපා මගේ කරට අත දාගෙන ලිවින්ග් රූම් එකට යනකොට මමා ජන්ග්කූක් එක්ක කතා කරන්න හැදුවත් මම දැක්කා ජන්ග්කූක් මමාවත් ගනන් ගන්නේ නැතුව ⁣මිස් යොන්ග් එක්ක සන්ග් වත් එක්කගෙන වේගෙන් උඩට යනවා.

මම පපාගේ එහාපැත්තෙන් ඉඳගෙන ඉන්නකොට මමා ඇවිත් මගේ අනිත්පැත්තෙන් ඉඳගෙන මගේ අවුරුදු ගානක දේවල් අහන්න පටන් ගත්තා.

" ජිනී තවත් හැන්ඩ්සම් වෙලා වගේ. නේද යුන්ගි ? "

" මගේ කොල්ලා හැන්ඩ්සම් තමා හනී.. "

" ඉතින් මොනවද වුනේ ? "

" ඒ පේශන්ට් නම් කතා කරලා වැඩක් නෑ පපා. දෙන කිසිම මෙඩිසින් එකක් ගන්නේ නෑ. ඒ මදිවට ඒ මනුස්සයාට කැන්සර් එකක් හැදිලා ලන්ග් එකක. අන්තිමට මට එයාට මේ අවුරුදු ගානම ප්‍රයිවට් ට්‍රීට්මන්ට්ස් දෙන්න වුනා. "

" ඉතින් හොඳයිනේ. හහ් හහ්. "

" යුන්ගි එපා හිනාවෙන්න. "

" පපා හෝසෝක් දැන් මොනවද කරන්නේ

" කින්ඩර්ගාට්න් ඉන්ඩස්ට්‍රි එකක්ම දාගෙන හහ්. හහ්. හහ්. "

" තව ටික දවසකින් මේ ගෙදරත් නර්සරි එකක් වෙයි "

" හහ්. හහ් "

" පපා විහිලුත් දන්නවද ? "

මම ඒ අහපු ප්‍රශ්නෙට පපා මගේ ඔලුවට එකක් ගහනකොට මම පපාට දුක හිතෙන විදිහට මූණ හදාගත්තේ පපා ඉස්සර වගේ ගහපු තැන අතගායි කියලා. ඒත් මම අතගායි කියලා හිතපු තැනටම තව ශොට් එකක් අපපා දෙනකොට මට කටින් කෙඳිරුනේ මේ පාර සැරටම වැදුන නිසා. මමා අපි දිහා බලාගෙන ඉන්නකොට මම මමාට මාව එයා ගාවට ගන්න කිව්වත් මමා සෝෆා එකෙන් නැගිටලා කිචන් එකට ගියේ පපාවයි මාවයි තනි කරලා.

මම එනකොට පපා එක්ක ටේයුන් ගැන කතා කරනවා කියලා හිතාගෙන ආවාත් පපාගේ ඉස්සර තිබුන සැර ගතිය නිසා මම කට වහගෙන හිටියේ පපා එක්ක මට රණ්ඩු වෙන්න කුක්ට තරන් හයියක් නැති නිසා.

පපා එක්ක කියව කියව ඉඳලා මම කිචන් එකට ගියේ මමා ළඟ ඉස්සර වගේ දැවටි දැවටි ඉන්න වුනත් මම මමාව පිටිපස්සෙන් හග් කරගෙන විකාර කියවද්දී මමාත් පපා මගේ ඔලුවට ගහනවා වගේ මගේ බැක්සයිඩ් එකට හිට් කරනකොට මම මමා හදපු අයිස් කොෆී එකක් වෙනුවට දෙකක්ම බීලා කුක්ගේ කොෆී එකත් එක්ක හෝසෝක්ටයි ටේයුන්ටයිත් කොෆී අරගෙන දෙවනි තට්ටුවට ආවා.

ස්ටෙයා කේස් එකේ ඉන්නකොට හිනා වෙන සද්ද කතා කරන සද්ද අතරේ මට ටේයුන්ගේ කටහඩ අඳුර ගන්න බැරි වුනා.

Zero O' Clock | Jin Centric Wo Geschichten leben. Entdecke jetzt