Chapter 3

54 15 4
                                    

මම වින්ඩෝව්ස් සේරම ඇරලා දාලා කර්ට්න්ස් ඈත් කරලා ලොකු වින්ඩෝර් එකෙන් එලියට ඇවිත් අත් වැටට බර වුනා. ඒ කාලේ තිබුන පොඩි පූල් එක, බෙන්ච් ටික, ලස්සනම ලස්සන රෝස පාත්තිය එක්ක ටිකක් ලොකු අලුත් පියෝනි පාත්තියකුත් තිබුනා. ⁣පියෝනි පාත්තියක් නොවී ඒක ගාර්ඩ්න් එකක් විදිමට හදලා තිබ්බ නිසා මට පියෝනි පාත්තිය ගැන ආදරයක් ඇති වුනා. පියෝනි පාත්තියේ අයිතිකාරයා ගැන හිතන්න ඕන වුනත් මගේ හිත පියෝනි පාත්තිය මට අමතක කරවලා දැම්මා. ටිකක් වෙලා එතන ඉඳලා සෝල් වල සුවඳ ආයෙත් මගේ පෙනහළු ඇතුලට ගන්න ගමන් ම වටේ පිටේ සිරි නරඹලා ඉවරයක් වුනා.

මම රූම් එකට ඇවිත් මගේ බැගේජ් සේරම එකින් එක අන්පැක් කරන්න පටන් ගත්තා. ටේයුන්ගේ ෆොටෝ එකක් බලලා මීඩියම් සයිස් එකට ඇමරිකන් ලක්ශරි ක්ලෝතින්ග් ස්ටෝර් එකකින් ගත්ත ලස්සන පාට පාට ඇඳුම් සේරම මම අරගෙන ඒ ටික වෙනම අරන් ගිහින් වොශ් බේසින් එකකට දැම්මා. මිසිස් යොන්ග්ට ඒ ඇඳුම් සේරම වොශ් කරලා ඩ්‍රයි කරලා මගේ රූම් එකට ගෙනත් දෙන්න කියලා මම ඒ සේරම කරන අතරේ මගේ හිත නිතරම කිව්වේ ටේයුන් මාව කොහොම පිලිගනීද කියලා.

දෙවනි බැගේජ් එක ඇරලා මම ඒකේ ඇතුලේ තිබ්බ පොඩි හෑන්ඩ් බැගේජ් එක අරගත්තා. එක එක ජාතියේ කැන්ඩීස් වලින් පොඩි බැගේජ් එකම පුරවලා තියෙනකොට මට සතුටු හිතුනා ටේයුන් මේවාට හුඟාක් ආසා වේවි කියලා. මම ඒ බැගේජ් එකේ තිබුන කැන්ඩීස් සේරම කිචන් එකෙන් ගත්තු ලොකු බෝව්ල්ස් වලට චොක්ලට්ස්, කැන්ඩීස්, ටොෆීස්, ලොලි පොප්ස්, ච්වින්ගම්ස් වෙන වෙනම දැම්මා. ඒ⁣ බෝව්ල්ස් සේරම ටේබල් එක උඩින් තියලා ඇවිත් මම ආයේ අනිත් බැගේජ් අන්පැක් කරන්න පටන් ගත්තා.

මගේ හිත එක ටොෆී එකක් කන්න කියලා කියනකොට මම අමාරුවෙන් ආසාව පාලනය කරගෙන හිටියේ ටේයුන් වෙනුවෙන් මම අවුරුදු ගානක් දෙන්න බලාගෙන හිටපු දේවල් නේද මේ කියලා.

තුන්වෙනි බැගේජ් එක ඇරලා මම ඒකේ තිබුන අලුත්ම අලුත් සූට්ස් ටික එලියට අරන් රැක් එකෙන් එල්ලලා තව පොඩි බෑග් එකක දාලා තිබුන කැන්ඩීස් ටික එලියට ගත්තා. මේඩ්ස්ලාගේ, බොඩිගාර්ඩ්ස්ලාගේ පවුල් වලට ගෙනාපු කැන්ඩීස් ටික මම වෙනමම තියලා මේ⁣ඩ් කෙනෙක්ව ගෙන්නගත්තා ඉතුරු බැගේජ් අන්පැක් කරන්න.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now