Chapter 2

60 17 3
                                    


" මම අදටත් දුක් වෙනවා හ්යුන්ග් මම පපා ගැන හිතලා ඒ ප්‍රොපෝසල් එකට කැමති වුන එක ගැන. ඔෆීශියල් අපි එන්ගේජ් වුනා වගේ අපි දෙන්නා ඩිවෝර්ස් එකත් ගත්තා. ඒ ගෑනි මට ෆස්ට් මන්ත් එකේදිම කිව්වා දරුවා දුවෙක් වුනොත් එයා ඉන්නවා කියලා. පුතෙක් වුනත් ඉන්නවා කිව්වා. ඒත් පුතාට ඩිසෝඩර්ස් තියෙනවා කිව්වාම ඒ ගෑනි බඩේ කට් එක හීල් වෙනකන් ඉඳලා මැහුම් අයින් කරපු ගමන්ම හොස්පිට්ල් එකෙන් ගිහින් තිබුනා. "

ජන්ග්කූක් කාර් එක හයිවේ එකට දාලා කාර් එකේ ස්පීඩ් එක වැඩි කරන ගමන් කතාව පටන් ගත්තා.

" මම නැති කාලෙට කොච්චර දේවල් වෙලාද කුක්. සොරි කුක් මට එන්ගේජ්මන්ට් එකට විතරයි ඉන්න වුනේ. මම වෙඩින්ග් එකට එන්නනේ හිටියේ. ඇත්තටම අයිම් රියලි රියලි සොරි කුක් "

මම වාහන නෑ කියලා දැන දැනත් ඉස්සරහා බලාගෙනම කුක් එක්ක කතා කලේ මගේ මුලු අවධානේම කුක්ට දෙන ගමන්.

" හ්යුන්ග් නාව එකමයි හොඳ. ඒ ගෑනි එදා රඟපාපු විදිහ දැක්කානම් හ්යුන්ග්ට ඒ ගෑනිව එතනම එපා වෙයි. මතක් කරනකොටත් මාව පිච්චෙනවා වගේ හ්යුන්ග්. මට වැඩියෙන්ම කේන්ති ඒ ගෑනි මගේ පුතාට කතා කරපු විදිහට. හොස්පිට්ල් එකේ නර්ස්ලා ඩොක්ටර්ස්ලා ඉන්න තැන ඒ ගෑනි මගේ පුතාට 'ආබාධිතයා' කියලා කිව්වා. මට ඒකමයි ඒ ගෑනි එක්ක තරහා හ්යුන්ග්. ඒ වගේ ගෑනියෙක් අම්මා කෙනෙක් වෙන්න හොඳ නෑ. කවදාවත්. අනිත් එක එයාට අමතකයි එයා ප්‍රෙග්නන්ට් කාලෙදි හරියට එයාගේ කැල්සියම්ස්, විටමින්ස් ගත්තේ නෑ කියලා. ඩොක්ටර්ස්ලා විටමින්ස් ගන්න එක දිගටම කරන්න කිව්වත් එයා සමහර දාට නොබී හිටියා. අන්තිමට. අන්තිමට. කතා කරලා වැඩැක් නෑ හ්යුන්ග්. "

මට මතක් වුනේ ජන්ග්කූක් බැඳලා අවුරුද්දක් ගිහිල්ලත් දරුවෙක් නොහදා ඉන්න එක ගැන කියන්න විතරක් ජන්ග්කූක්ව අපේ ගෙදරට ගෙන්නවලා පපා එදා බැනපු හැටි. ඒ තාමත් ජන්ග්කූක් බෝරා එක්ක ආදරයක් නෑ කියලා පපා බනින බනින හැම සැරයක් ගානේම කියලා අන්තිමට පපා ජන්ග්කූක්ගේ කම්මුල ඇතුල් පැත්තෙන් ඩැ⁣මේජ් වෙලා බ්ලීඩ් වෙන්නම කම්මුලට ගහපු හැටි මතක් වුනා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now