Chapter 15

36 12 1
                                    

ගෙදර ආපු වෙලාවේ ඉඳන් ටේයුන් මං එක්ක ඉන්නකොට ජන්ග්කූක් එයාගේ ඔෆිස් වැඩ කරන්න පටන් ගත්තේ එයාට හරියට අවුරුදු ගානකින් ඔෆිස් එකට යන්න බැරි වුනා වගේ. මම කොච්චර බැන්නත් ජන්ග්කූක් ඒ වගේ වැඩ කරන නිසා විතරයි ජන්ග්කූක්ගේ බිස්නස් සක්සස්ෆුල්. ඒ වුනත් උදේ පාන්දරට රූම් එක ඇතුලට යන මනුස්සයා රෑ දහය එකොලහ වෙනකන් ඇතුලේ ඉඳලා නිදියන්න විතරක් එලියට ඇවිත් මුලු දවල් දවසම බස්සෙක් වගේ හැංගිලා ඉන්නකොට මට එන තරහා ජන්ග්කූක් පිටින්ම යවන්න ඕන වුනත් ටේටේ එක්ක වැඩේ හින තරම් ලේසි නෑ.

කාස්ට් එක තිබුනා කියලා වෙනසක් නෑ. මිස් යොන්ග්ට මුලු දවසම වුනත් වද දෙයි. එක්කෝ කියයි ආන්ටි මට අරක කන්න ඕනේ මේක කන්න ඕනේ නැත්තන් කියයි ආන්ටි අපි අරවා ප්ලේ කරමු ආන්ටි අපි අරවා ගේමු කියලා. අප්පා වගේම නැද්ද පුතත්. පුතා පැත්තකින් තියමු පොඩි ළමයා නේද කියලා. ගෙදර ඉන්න පොඩි එකා වෙලා තියෙන්නේ අප්පා. පොඩි එකාට වඩා අප්පාගෙන් කරදරේ. කාමරෙන් එලියට ඇවිත් කෑම එක කාලා යන්න බැරි කකුල් හිරිවැටිලද ? නැත්තන් ඉඳගෙන ඉඳලාම කකුල් දෙකේ ලේ නැතුවද ? මිස් යොන්ග් ඉන්නකල් හොඳයි. තව මාසෙකින් පස්සේ මේ ගෙදර ඩ්‍රයිවර් ජොබ් එකයි, නැනී ජොබ් එකයි, මේඩ් ජොබ් එකයි , ගාර්ඩ්නින්ග් ජොබ් එකයි සේරම ජොබ් කරන්න වෙන්නේ මට. එතකොට බලාගමු. එක්කෝ කුක්. නැත්තන් මම.

ලකී චාර්ම්ව හරියට බෙඩ් එකෙන් තියලා ඇඳුමත් හදලා ඩුවට් එකෙන් කවර් කරලා මම නලලට පෙක් එකක් දීලා රූම් එක අස් කරන්න පටන්ගත්තා. දවසම නටලා නටලා මහන්සියට නිදාගෙන ඉන්න මගේ ටේටේව දැක්කම මට මතක් වුනේ මගේ හනීව. එයා හිටියානම් අපිටත් අද ටේයුන් වගේ ළමයෙක් නැත්තන් දෙන්නෙක් ඉන්න තිබුනා. ඒත් එයා ගිහින් මට ටේටේව දුන්නා.

' ඔයා තමයි හැමදාම මගේ එකම ආදරේ වෙන්නේ '

රූම් එකේ වැටිලා තියෙන බඩු සේරම අස් කරලා පිළිවෙලින් තියලා මම වෙලාව බැලුවා. වෝල් ක්ලොක් එකේ වෙලාව දොලහයි හතලිස්පහයි කියලා තියෙනකොට මම ටේයුන්ගේ ක්ලෝසෙට් එකෙන් හූඩි එකකුයි ඒකට මැච් වෙන ට්‍රව්සර් එකක් එක්ක කැප් එකකුත් බෙඩ් එක උඩින් තියලා පහලට ආවා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now