Chapter 10

35 12 0
                                        

" ආන්ටි යොන්ග් ඕක බ්ලූ කලර් සූට් කේස් එකට.
.

අන්කල් ⁣සන්ග් ඕක බ්ලැක් කලර් එකට.
.

අන්කල් සන්ග් මේ ටික බ්ලැක් එකට.
.

ආන්ටි යොන්ග් ඔය ටේටේ දැන් දාන ශූස් දෙක.
.

ආන්ටි යොන්ග් ඕක ⁣බ්ලූ කලර් එකට
.

නෑ නෑ අන්කල් සන්ග් ඕක බැක් පැක් එකට. "

මම පඩි පෙල නැගගෙන එනකොට මට ඇහුනේ ටේයුන් රූම් එක ඇතුලේ ඉඳන් මහ හයියෙන් කියවන ගමන් සන්ග්ටයි යොන්ග්ටයි කියලා බෑග්ස් පැක් කරවගන්න හැටි. ඒත් මට හෝසෝක්ගේ කටහඬත් එක්ක ජන්ග්කූක්ගේ කටහඬ එක පාර ඇහුනේ ටේයුන් කොච්චර දඟ ඇතිද කියලා මට පෙන්නලා.

" ටේ ඔතනින් බිමට වැටෙයි දඟලන්න එපා. "

" ටේ එපා ඉතින් කිව්වාම. "

" ටේ ! "

ජන්ග්කූක්ගෙයි හෝසෝක්ගේයි කෑගැහිල්ල එක්කම සද්දයක් එනකොට මිස් යොන්ග් කෑ ගහනකොට මමත් කල්පනා කරන එක නවත්තලා ඉක්මනට දුවගෙන රූම් එකට ආවේ මමාත් පපා එක්ක ස්ටෙයා කේස් එකේ දුවගෙන එන සද්දේ ඇහෙනකොට.

රූම් එකේ දොර අරිනකොටම මට ටේයුන්ගේ ඇඬිල්ල ඇහුනේ ටේයුන් මොනවාහරි කරගෙන ඇති කියලා මගේ හිත බයෙන් පිරෙනකොට.

" ටේ ටේ අඬන්න එපා.

.

" බබා."

.

" අඬන්න එපා."

.

" බේබි."

.

" ටේටේ."

.

" අඬන්න එපා."

.

" පුතා."

.

" දරුවෝ. අඬන්න එපා."

.

" ළමයෝ "

.

මම දොරෙන් ඇතුලට ආපු වේගෙන් ඉක්මනටම යනකොට මම දැක්කා ජන්ග්කූක් බෙඩ් එක උඩින් ඉඳගෙන මහ හයියෙන් අඬන ටේයුන්ව ලැප් එකේ තියාගෙන ටේයුන්ව නළවන්න හදනවා. ඒ අතරේ හෝසෝක් ජන්ග්කූක්ගේ එහා පැත්තෙන් ඉඳගෙන ටේයුන්ගේ අත අල්ලගෙන ඉන්නවා. වෙන්නේ මොකද්ද වුනේ මොකද්ද කියලා තේරුම් ගන්න මට බැරි වෙනකොට මම සන්ග්ගෙන් හරි යොන්ග්ගෙන් හරි අහගන්න හිතුවත් ඒ දෙන්නාත් හොඳටම බයවෙලා බලාගෙන ඉන්නවා මම දැක්කා.

" සන්ග් මෙතන දැන් මොකද වුනේ ? "

" ටේ බේබි ඇඳෙන් වැටුනා සර්  "

ජන්ග්කූක් දන්නවා ටේයුන්ව වැටෙන්න දෙන්න හොඳ නෑ කියලා.

" හෝසෝක් මොකද වුනේ.? "

" ටේ ඇඳෙන් වැටුනා හ්යුන්ග්, ඇඳෙන් වැටුනා "

" ජින් මොකද වුනේ ? "

මම හැරිලා බැලුවේ කිසිම දවසක ඇහැක්වත් ඇරලා නොබලපු ළමයා ගැන බලන්න පපා ඇයි දැන් ඇවිත් ඉන්නේ කියලා.

~ එච්චර සද්දෙන් ⁣ජන්කුක් හෝසෝක් එක්ක කෑගහලා.

" ටේයුන් බෙඩ් එකෙන් වැටිලා පපා. "

" ටේ බබා කොහෙද වද්දගත්⁣තේ හෝසෝක් ? "

" වැලමිට වැදුණේ හ්යුන්ග් "

වැලමිට. වදින්න හොඳම නැති තැනක් නේ. හෝසෝක්ට මුකුත් කියන්නද, මම ජන්කුක්ට බනින්නද, ටේයුන් වැටුනා කියලා ටේයුන්ට මම බනින්නද, ගහන්නද ? ඒ ළමයාට තේරෙන්නේ නෑ. කෙයාර්ලස් කියලා කියන්නත් බැහැ. කියලා වැටෙන්නේ නැහැනේ.

" හරි කෝ දෙන්න. බබා අඬන්න එපා. අපි බෙහෙත් ගාමු. "

මම හෙමින් ටේයුන්ගේ අත මගේ අතට අරගෙන හිමිහිට පිඹින්න ගත්තත් එයා අඬන එක නවත්තන්නේ නැති වෙනකොට මට තේරුනා එයාගේ අතේ පේන් එක නිසා එයාට දැනීම් අඩුයි කියලා. ඩොකටර් කෙනෙක් වුනත් මේ වෙලාව මට ඕනම ටූල්ස් නැති නිසා මම හිතුවා ටේයුන්ව මේ සිටුවේශන් එකත් එක්කම හොස්පිට්ල් ගෙනියන එක හොඳයි කියලා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now