Chapter 9

33 12 4
                                    

ටේයුන්ට වයස අවුරුද්දේ ඉඳලාම හෝසෝක් නෝවාහ් එක්ක තමයි ටේයුන්ව බලාගෙන තියෙන්නේ. ⁣ජන්ග්කුක් ගොඩක් වෙලාවට කොන්ඩෝ එකේ ඉඳලා තියෙන නිසා ⁣හෝසෝක් ටේයුන්වත් එක්ක මෙහේ නවත්තගන්න පපා කැමති වෙලා.

හෝසෝක් නර්සරි යන වෙලාවට නෝවාහ් ඇවිත් ටේයුන්ව බලාගෙන. ටේයුන්ට ට්‍රීට්මන්ට්ස් දීලත් ටේයුන්ගේ හාර්ට් එකේ හෝල් එක ඔපරේශන් කරන්න වෙන නිසා ජන්ග්කූක් ටේයුන්ව ඔපරේශන් කරන්න දීලා නැත්⁣තේ හාර්ට් සර්ජරි එක සක්සස් වෙන්න ෆිෆ්ටි ප්‍රසන්ටේජ් විතරක් නිසා. ට්‍රීට්මන්ට්ස් වලින් බ්‍රිට්ල් බෝන් හොඳ කරන්න තියා අඩුම ඒක ටිකක් අඩුකරන්නවත් පුලුවන් විදිහේ ට්‍රීට්මන්ට් නැති වෙනකොට ජන්ග්කූක් ටේයුන්ව මුලු ලෝකෙන් බාගයකම ⁣ස්පෙශලිස්ට්ලාට ටේයුන්ව පෙන්නලා ඉවර වෙලා කියලා මට දැනගන්න පුලුවන් වුනා.

අන්තිමට ජන්ග්කූක් චැනල් කරලා තිබුන පපාගේ යාලුවෙක් වුන ⁣ලන්ඩන් වල ඉන්න චයිල්ඩ් බෝර්න් ඩිසීස් ⁣ස්පෙශලිස්ට් මිස්ට් ලුසිෆර් කියලා තිබුනා ටේයුන්ට ඉන්න තියෙන පොඩි කාලය නැති කරන්නේ නැතුව එයා කැමති විදිහට ගෙවාගන්න දෙන්න කියලා. ටේයුන්ට ජීවත් වෙන්න තියෙන පොඩිම පොඩි කාලය ටේයුන් හරිම සතුටින් ගෙවනවා කියලා මට දැනුනත් මම දැනගත්තා ටේයුන් එයාගේ අප්පා නැතුව කොච්චර මෙන්ට්ලි ඩවුන් වෙලාද කියලා.

පපා ජන්ග්කූක්ගේවත් ජන්ග්කූක් පපාගෙවත් මූණ නොබලන එක ඇත්තටම මට කිව්වේ අපේ පවුල කැඩෙන්න යනවා කියලා. මමාටත් කොච්චර කිව්වත් මම කියන්නේ _' පපාට පිටින් යන්න මම කවුද ? '_ කියලා විතරයි. ඒත් එහෙමයි කියලා එයාට ඇත්ත තත්වය තේරුම් කරවලා දෙන්න බැරි තරමටම පපා දුශ්ට අමනුස්සයෙක් නෙවෙයි කියලා පපා එක්ක වැඩි කාලයක් ජීවත් වුන ඔම්මට වඩා පපා එක්ක අවුරුදු විස්සක් ජීවත් වුන මට තේරුම් ගන්න පුලුවන් වුනා.

පපා ටේයුන්ට කොච්චර අකමැතියි කිව්වත් මගේ හිත ඒ ගැන හිතන හැම වෙලාවකම මට කිව්වේ පපා ටේයුන්ට අකමැතියි කියලා ජන්ග්කූක් එක්ක තියෙන තරහා පිට කරනවා ඇති කියලා. ඒත් හැමදේම අද විසඳගන්න ඕන කියලා මගේ හිත මට කියන්න ගන්නකොට මම හිතාගත්තා අද හැමදෙයක්ම පපා එක්ක කතා කරලා විසඳගන්නවා කියලා. ජන්ග්කූක් හිටියත් නැතත් මේ පවුල කැඩෙනකන් මට බලාගෙන ඉන්න බැහැ.

මම ටේයුන්ට මිස් යොන්ග් එක්කයි සන්ග් එක්කයි එයාගේ බඩ පැක කරගන්න දීලා පහලට ආවේ අපි අඩුම පාන්දර දෙකට හරි ජන්ග්කූක්ගේ මැන්ශන් එකේ ඉන්න ඕන නිසා.

මම ඊටපස්සේ ස්ටෙයා කේස් එකේ පහලට ආවේ අද කොහොමහරි මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතලා. මොකද අපේ පවුල ලසසනට තිබුනා. කොහෙවත හිටපු කෙල්ලෙක් නිසා අපේ පවුලේ අපේ සතුට නැතිවෙන්න දෙන්න මට පුලුවනකමක් නෑ. ජන්ග්කූක් එදා ඉඳලාම කිව්වොත් කිව්වා වුනාට ජන්ග්කූක් වුනත් පපා නැතුව ඉස්සර දවසක්වත් හිටියේ නෑ. ඒත් මම හිතන්නෙත් නෑ ජන්ග්කූක්ට තව ඉස්සරහට නම් පපාගේ ⁣නයිට් කිස් එක නැතුව ඉන්න පුලුවන් වෙයි කියලා.

_ජන්ග්කූක් ඔයා නැති කාලෙම පපාගේ නයිට් කිස් එක නැතුව තමයි හි⁣ටියේ ජින්._

මේ ප්‍රශ්නේ කොහොමහරි විසඳනවා කියලා හිතාගත්තාට මට ඒ වෙනුවෙන් කිසිම ප්ලෑන් එකක් නැති වෙනකොට මම කල්පනා කලේ මේක ටේයුන්ටත් ටිකක් තේරුම් කරවලාම පපාට කිව්වානම් හොඳයි කියලා. හදිස්සියෙන්වත් ටේයුන් පපාව දකින්න අකමැති වෙලා පපා ටේයුන්ව දකින්න කැමති වුනොත් ඒකෙන් පපාගේ හිත රිදෙන්න පුලුවන් නිසා. පපාගේ හිත රිදෙනවාට වඩා පපා එක්ක තියෙන සම්බන්ධකම අපිට හැමදාටම නැත්තටම නැති වෙලා යයි කියන බයත් මගේ ඔලුවේ වැඩ කලා.

ඉස්සෙල්ලාම නිදහස් වෙලාවක පපා එක්ක මේ ගැන හෙමිහිට කතා කරලා පපා ගැන තේරුම් ගන්න ඕන වගේම පපා⁣ ජන්ග්කූක් ගැන හිතාගෙන හිටිය විදිහ ගැනත් මම හැමෝටම කලින් තේරුම් ගන්න ඕන. පපා ජන්ග්කූක් අතරේ විතරක් මේ ප්‍රශ්නේ ලොකුවය තියෙන එක මට සහනයක් වුනේ මමාගේ කිසිම අකමැත්තක් ටේයුන් ගැන නොතිබුණ නිසා. පපාට පස්සේ ජන්ග්කූක් මේ ගැන මොන විදිහටද වගේම ජන්ග්කූක් පපා ගැන මොන විදිහටද හිතුවේ, ජන්ග්කූක් බෝරා එක්ක හිටිය කාලේ මොනවද වුනේ කියන දේවලුත් මම දැනගෙන ඉන්න ඕන.

මේ හැම දෙයක් ගැනම හොඳට තේරුම් අරගෙන මම මේක මගේ ඔලුවට දාගෙන පපාවයි ජන්ග්කූක්වයි එක වෙලාවක නිදහස් තැනකට අරන් මේ ගැන හොඳට පැහැදිලි කරලා දෙන එක හොඳයි කියලා මම නෝට් එකක් මගේ හිතේ දාගත්තේ මගේ හිත පහලට තියන අඩිය අඩිය ගානේ මට කියනකොට  .මේ ප්‍රශ්නේ විසඳන එක දෙපැත්තටම තේරුම් කරවලා විසඳගන්න එක හොඳයි කියලා මගේ හිත ආයේ ආයේ කියනකොට මම හිතාගත්තා මගේ නෝට් එක අනුව වැඩ කලා නම් හරි කියලා.

_ඔයාගේ නෝට් එක නිසා තමයි ජින් ඔයාට වරදින්නේ._

Zero O' Clock | Jin Centric Where stories live. Discover now