Chapter 16

30 9 0
                                    

අපි බීච් එකට එනකොට අපි ඈත ඉඳලාම දැක්කා සෙනග ඉන්නවා. හවස එනකොට බීච් එකේ හැමදාම සෙනග කියලා ජන්ග්කූක් මට කිව්වත් මට ඕන වුනේ නෑ ටේයුන් තනියෙන් ප්ලේ කරනවාට. ටේයුන් හැදෙන ව⁣යසේ ළමයෙක්.  එයා ගිෆ්ටඩ් කියලා ටේයුන්ව හිර කරන්න අපිට බැහැ. ⁣හැමවෙලාවේම පොත් කියවන්න දුන්නම ඒ ළමයා නිකන් රොබෝ කෙනෙක් වගේ වෙනවා. ඒක ඒ ⁣මැටි මොලේට නොතේරෙන හේතුව හොයාගන්න මට ජන්ග්කූක්ව වෙනම කවුන්සලින් ගෙනියන්න වෙයි කියලා හිතෙනකොට මම හිතාගත්තා මම තනියෙන් ටේයන්ව බලාගන්නවා කියලා.

ගාර්ඩ්ස්ලා දෙ⁣න්නෙක් ඇවිත් අපිට එහායින් තිබුන තැනකින් හිටගන්නකොට මම ගාර්ඩ් කෙනෙකුට ටේයුන්ව දීලා මැට් එක දැම්මා. ෆුඩ් බකට් එකත් මැට් එක උඩින් තියලා මම එක ගාර්ඩ් කෙනෙක් එක්ක ටේයුන්ව වාහනේට අරන් ආවා.

කොච්චර දිග ඇඳුම් ඇන්දුවත් මේ වගේ වෙලාවක ටේයුන්  දිග ඇඳුම් ඇඳගෙන ඉන්න කැමති නැති වෙන නිසා මම එනකොට ටේයුන්ට ශෝර්ට් එකකුයි ටී ශර්ට් එකකුයි අරගෙන ආවා. වාහනේ ඇතුලේ ඉඳන් ටේයුන්ගේ ඇඳුම් මම මාරු කරලා මමත් ශෝර්ට් එකකට ටී ශර්ට් එකක් දාගෙන ආවා.

ටේයුන්ව මැට් එකෙන් තිබ්බාට පස්සේ මම කලේ ටේයුන්ට ගෙනාපු ටෝයිස් දුන්න එක.පොඩ් කාලේ ලමයි නිදහසේ ඉඳලා තමයි එයාලාගේ වයසට දැනුම එකතු කරගන්නේ. ඉතින් ටේයුන් ගිෆ්ටඩ් වුනත් එයාගේ ළමා කාලේ එයා ලමයෙක් විදිහට මිසක් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහටවත්, යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහටවත් ගෙන්න ඕනේ නෑ.

ටේයුන් බකට් එකට වැලි පුරවන ගමන් සෑන්ඩ් කාස්ට්ල් එක හදන්න පටන් ගත්තා. ටේයුන් සෑන්ඩ් බකට් එකට අරගෙන ඒක හෙමින් හෙමින් කාස්ට්ල් එක හැදුවා. මේ වගේ වෙලාවක ටේයුන් දිහා බලාගෙන ඉන්න හැමකෙනෙක්ම කියන්නේ මෝඩයි නැත්තන් පිස්සුයි කියලා. ඒත් ඒ මිනිස්සුන්ට ⁣තේරෙන්නේ නැති දේ තමයි එයා ඒක සියුම්ව කරනවා කියලා.

ටේයුන් එයාගේ කාස්ට්ල් එක හදනකොට මම ශෙල්ස් එකතු කරන්න පටන්ගත්තා. පොඩි කාලේ මම බීච් එනකොට හැම සැරයකම ශෙල්ස් එකතු කරගෙන ගෙදර අරන් යන එක මට හැමදාමත් පුරුද්දක් වෙලා. මම ටේයන්ට කාස්ට්ල් එක හදන්න දීලා ගාර්ඩ් කෙනෙක්ව ටේයුන්ගේ තනියට තියලා ශෙල්ස් එකු කරන්න පටන් ගත්තා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now