chapter 15- The Fruit of the forbidden tree: the Apple (Last)

149 33 2
                                    

A/N- අප්ඩේට් හවස දෙන්න හිටියත් මට last chapter එක තියන් ඉන්න බෑ බෑ වගේ. ඔන්න ඔහේ දීලම දැම්මා.

________ (Enjoy the last chapter of The Fruit of the forbidden tree!)

යුනි එකේ ඔක්කොම වැඩ ටික ඉවර උනාම අපි තුන්දෙනා ගෙදර ආවා පයින්ම. වෙනසකටත් එක්ක! ඉස්සර මේ පාර දිගේ තනියෙන් ගිය විදිහ මට මතක් උනා.

අපි තුන්දෙනා එක එක වල්පල් කතා වෙවී ගෙදර ලඟටම ආවා.
ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ජිමී ෆැශන් එකට ඇවිල්ලා ලයිව් කරපු මැජික් එකෙන් පටන් ගත්ත අපේ කතාව ඊයේ එහා ගෙදර ගුණපාල මාමා අතින් පෝච්චියක් බිඳිලා එයාගේ නෝනාගෙන් බේරෙන්න ගේ වටේ දුවපු සීන් එකෙන් ඉවර වුනා.
අන්තිමට හිනාවෙලා හිනාවෙලා ගෙදර ආපු අපි වොශ් කරලා, කෑම කාලා, එසයිමන්ට් ඉවර කාලා.

නිදහසේ කතා කරන්න හිතලා garden එකට ගියපු මමයි ජිමිනුයි බෙන්ච් එකක ඉඳගත්තා. ඇත්තටම මටයි කතා කරන්න ඕනි උනේ. මම එයට කතා කරන්න ඕනේ කියලා කියපු ගමන් එයා මාව එක්කන් ආවේ එයාටත් හිතෙන්නැති මට ප්‍රශ්නයක් කියලා.
මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ මාත් එක්ක යාලු වෙන්න හදන ළමයි ගැන. මගේ කෝල්ඩ් චරිතය නැති වෙලා ගියත් මට යාලුවෝ කියලා හිටියේ jimin jungkook  විතරයි. ජිමින් නම් ෆැකල්ටි එකේ නොදන්න ළමයෙක් නැති තරම්.

🐣- ඇයි ටේ කතා කරමු කිව්වෙ.  ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?

🐯- ඔව් ☹️

🐣- ඇයි මොකක්ද ප්‍රශ්නේ?

🐯- ළමයි මාත් එක්ක යාලු වෙන්න අහනවා.

🐣- ඉතින් ඔයා යාළුවෙලා බලන්න.

🐯- ඒත් මට බයයි. හැමෝම ඔයා වගේ නෙමෙයි කියලා මම දන්නවා. මම ආයෙත් රැවටුනත්! ඒකෙන් මට දැන් ඉන්න මේ හැමෝම ආයෙ නැති වුනොත්!

🐣- හැමෝම එකවගේ නෑ ටේ.

🐯-  ඉතින් ජිමින් මොකක්ද කරන්න ඕනි මම දැන්?

🐣-ටිකක් හිතන්න tae, මේ මුළු ලෝකෙම මැව්වේ දෙවියන් වහන්සේ නම් ඇයි හොඳ දේවල් විතරක් දෙවියන් වහන්සේ මැව්වේ නැත්තෙ?

🐯- ඇයි ඇත්තටම?

🐣- මොකද මේ ලෝකෙ හොඳ වගේම නරකත් තියෙන්න ඕනි හින්දා. මේ ලෝකේ හැම දෙයක්ම සමබරව තිබ්බොත් විතරයි මේ ලෝකය රඳා පවතින්නේ.
ඒ වගේ හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා.
අපිට ඒ හොඳ මිනිස්සු, නරක මිනිස්සු අඳුරගෙන හොඳ අයව ආශ්‍රය කරන්න පුළුවන්. ඉතින් ඒකට එයාලව ආශ්‍රය කරලම බලන්න ඕනි.
හරියට තහනම් ගසේ පලතුර කනවා වගේ.

🐯- තහනම් ගසේ පලතුර?

🐣- ඔව්. තහනම් ගසේ පලතුර ඇපල් ගෙඩිය (The Fruit of the forbidden tree: the Apple)
පාපයේ උපතට අදාල කතාවේ දෙවියන් වහන්සේ සුගත් උයනේ විශේෂ ගස් දෙකක් මවලා තිබ්බා
              01=ජීවනයේ ගස

            02=යහපත හා නපුර දැන ගැනීමේ ගස
දෙවියන් වහන්සේ උපදෙසක් දීලා තිබ්බා මෙහෙම,
“නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවනි. එහෙත් යහපත හා නපුර දැන ගැනීමේ ගසෙන් කන්ට එපාය. මක් නිසාද, එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන්ම නුබ නසින්නෙහිය.”
ඒත් දෙවියන් වහන්සේගේ උපදෙස් නොසලකා හැරලා ආදම් යහපත හා නපුර දැන ගැනීමේ ගසෙන් ඇපල් ගෙඩියක් කෑව නිසා යහපත හා නපුර ගැන දැනගත්තා.
ඉතින් ඒ වගේ අපි පුද්ගලයෙක්ව ආශ්‍රය කළොත් විතරයි එයා හොදයිද නරකයිද කියලා දැනගන්න පුළුවන්.
ඒකට ආශ්‍රය කරන්නම වෙනවා.ඉතින් ඔයා තාමත් මේ දේට පසුබහිනවද?

🐯- නැහැ! තවදුරටත් නැහැ!
.
.
.
.
.
The endless end

මේක ඔයා බලාපොරොත්තු වුන්නැති කතාවක් වෙන්න පුළුවන්! ඒත් මේකෙන් රසවින්දනයකට වඩා දෙයක් දෙන්නයි මට ඕනේ උනේ!

Next- Explaining & Reasons ➡️

_Chimmy_kim_

✓The Fruit of the forbidden tree 🌳| KTH × PJM|🐯🐣|✓Where stories live. Discover now