Part - 02

452 35 4
                                    

VegasPete Beginning of the love -02

❤️Pete...

වෙනදා වගේම පාන්දරින්ම මං රෝහල් කාමරයට ආවෙ Macau ට එයා කැමතිම කෑමත් කඩෙන් ගන්න ගමන්.මං නැති අතරෙ Vegas ව බලා ගන්න Macau පොරොන්දු වුණ නිසාම තමයි මං හිත නිදහසේ කෑම එකත් අරගෙන ආවෙ..ඒ එද්දි මං දැක්කෙ මං මෙතෙක් දවසක් දකින්න බලාපොරොත්තුවෙන්  හිටිය දර්ශනය..

ඔව්...

එයා නැගිටලා..මෙතෙක් දවසක් සිහිසුන් වෙලා රෝහල් සයනයක හිටිය මගේ ස්වාමියා නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න පටන් අරන්..ඔහු ඇඳ විට්ටමේ හිස තියන් ඇස් දෙක පියන් ඉද්දි , ගෙනාපු කෑම එක මේසෙ උඩින් තියපු මං , සුදු පැහැති තිර දමා තිබූ ජනේලයෙන් පිටත බලා සිටියේ ඔහුට බාධාවක් නොකරමින්...

ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙ මං හිටියෙ කියා ගන්න බැරි සතුටකින්...දැණුන ඒ සතුටට කෑ ගහලා නටන්න ඕනි වුණා මට..මගේ ස්වාමියා පියවි සිහියට පත් වෙන්න පටන් අරන්...ඉතිං ඔහුගෙ සුරතලා විදිහට මට මේ තරම් සතුටක් දැනෙන එක අහන්නත් දෙයක්ද...?

🖤Vegas....

සිරුරෙන් නැගෙන දැඩි වේදනාවත් එක්ක මං මගේ ඇස් පියන් විවර කළේ හරිම අසීරුවෙන්..මට හරියටම වුණේ මොකක්ද කියලවත් මතකයක් නැහැ...

Main Family එකත් එක්ක වුණ ගැටුමෙදි මගේ Paa මාවයි මගේ සහෝදරයවයි තනි කරලා ගියා කියලා මතක යි මට.ඒත් එක්කම මට ඕනි වුණේ මගේ ජීවිතයත් නැති කර ගන්න.මොකද මට දැනුණ පීඩනයත් එක්ක ඒ තීරණය තමයි වඩාත්ම ගැළපෙන්නෙ කියලා මට හිතුණා.මං මගේ ජීවිතේ නැති කර ගන්න හදනකොට ම Pete ඇවිල්ලා මාව වැළැක්කුවේ නැත්නම් මං දැනටමත් මේ ලෝකෙ නෑ..ඔව් එහෙනම් දැන් මේ ලෝකේ  Vegas කියලා කෙනෙක් නැහැ...

ඒත් එක්කම මට මතකයි Pete කිව්වා එයාට බඩගිනියි කියලා..ඒ හින්දා එයා එයාගෙ ස්වාමියා වුණ මාව හොයන් ආවෙ කිව්වා..Pete ගෙ ඒ වචන ඇහෙන්න ගද්දි ජීවත් වෙන්න ආසාවක් මට ආයෙත් ඇති වුණා..මගේ පිටුපසට වෙලා හඬමින් එයා දෙස බලන්න කියලා Pete කළ ඉල්ලීම නිසාම මං ඒ මූණ බලන්න තිබුණ උවමනාවටම පසු පස හැරෙද්දි, මගේ සිරුරට හතර වතාවක් වෙඩි වැදුණා මතකයි මට....

VegasPete Beginning of the love...Where stories live. Discover now