Part - 14

342 29 17
                                    

VegasPete beginning of the love - 14

කිසි දෙයක් නුවූ අන්දමින් මා Vegas ව සාලයෙහි තනිව දමා යද්දී ඔහු මා දෙස බලා සිටි අන්දමට සිතට දුකක් නොදැනුණා නොවේ.නමුත් මෙයින් පසු නැවත කිසිම දිනෙක ඔහු මාව එක් මොහොතකට හෝ නොසලකා හැරීමට නොසිතනු ඇත.

ඔහුව නොසළකා හරිමින් මා ඔහුගෙන් ඉවතට යද්දි මවිසින් ගලවා දැමූ ඔහුගේ ඇඳුම් සියල්ලද රැගෙන ඔහු නාන කාමරය වෙතට යන අයුරු මම දුටුමි.

ඉන් මොහොතකට පසු එයින් පිටතට පැමිණි ඔහු නැවතත් සිනමා පටය නරඹන්නට වූයේ මා දෙස පුංචිම හෝ බැල්මක් නොතබමින්...

දුකක් නොදැණුනා නොවේ...හිතට ආයෙ ආයෙත් දැනෙන්නට වූයේ දරා ගත නොහැකි තරමේ දැඩි ශෝකයක්.මා එලෙස ඔහුට කළේ ඔහුගේ අවධානය මා වෙතින් ඉවතට යාම වැළැක්වීමට සිතා වුවද දැන් සිදුව ඇත්තේ මා අපේක්ෂා කළ දෙයේ සම්පූර්ණ විරුද්ධත්ව යය.එහෙත් දැන් ඔහු පෙරටත් වඩා වැඩියෙන් මා නොසලකා හරිමින් සිටී.දෑස් වලින් කඳුළු එකිනෙක ගිලිහෙද්දී මා සූදානම් කරමින් තිබූ පොප්කෝන් බඳුනද රැගෙන මා යන්නට වූයේ ඔහු අසළට...ඔහු අසළට යන විටදී කෙතරම් හැඬුම් පාලනය කර ගන්නවා යැයි සිතුවද ඒ සියල්ලම පලක් නොවුණේ මා ඔහු අසළ අතොරක් නැතිවම හඬන්නට වූ නිසාවෙනි...

"තරහද..."

ඉකි ගසමින් මා ඔහුගෙන් විමසන්නට වූයේ ඔහු අසළින්ම හිඳ ගනිමින්...

"නැහැ..."

මින් පෙර කිසිදු දිනෙක නොවූ ලෙසට ඔහු මා හට තනි වචනයෙන් පිළිතුරු දී ඉවත බලා ගත්තේ ය.

හිතට දැණුනා වූ ශෝකය එයින් තව තවත් වැඩි වූයේ මාගේ සුසුම් පවා සිර වෙමින් මා හට ඉකි ගැසෙනා විටදී.මා මෙතරම් ඔහු අසළට වී කඳුළු සැලුවද ඔහුගේ සිතෙහි මා කෙරෙහි කිසිඳු හෝ අනුකම්පාවක් ඇතිවන බව හඳුනා ගැනීමට නොවීය.
එක් අතකින් එවැනි දෙයක් අපේක්ෂා කිරීමට නොහැකි දෙයකි.මන්ද මේ සිටින්නේ සැවොම හඳුනන්නා වූ දරුණු Vegas ය.ඔහුගේ සිතෙන් අනුකම්පාවක් කිසිසේත්ම බලාපොරොත්තු වීමට නොහැක.මා අතෙහි වූ පොප්කෝන් පුරවාළූ බඳුන මම හඬමින්ම ඔහුගේ දෑත මත තැබීමි.එය අසළ වූ කුඩා මේසය මත තැබූ ඔහු මා සම්පූර්ණයෙන්ම අමතක කරමින් නැවතත් රූපවාහිනිය නරඹමින් සිටී...

VegasPete Beginning of the love...Where stories live. Discover now