Part - 03

245 28 2
                                    

Vegaspete Beginning of the love - 03

❤️Pete....

Vegas ගේ තත්ත්වය හොඳ අතට හැරීමත් සමඟම Macau නැවතත් නිවෙස වෙත පිට වූයේ මා Vegas අසළ තනි කරමින්..ඔහු දැන් බොහෝ දුරට සුව වී සිටි නිසාවෙන්ම මගේ හිතටත් දැණුනේ තරමක සැහැල්ලුවක්...තවත් දින දෙකක් සාමාන්‍ය අයුරින් ගෙවී ගියේ මං ඔහුගේ අසළම රැඳී සිටිමින් ඔහුගේ සියළුම උවතැත් කටයුතු සිදු කරද්දි...

වෙනදා මෙන්ම මෙදින සවස ද මා පුරුදු පරිදි ඔහුට රාත්‍රී ආහාරය කවා ඔහු පිරිසිදු කර නිවෙස වෙත පැමිණීයේ හැකි ඉක්මනින් නැවතත් ඔහු වෙත යාමට සිතමින්..

සිතූ අන්දමටම හැකි ඉක්මනින් ඔහු වෙතට පැමිණෙද්දී මා දුටුවේ දොර දෙසම බලා සිටි Vegas ගේ දෑස යි..

"මොකද මේ තරම් වෙලා ගත්තෙ..?"

"මට වැය වෙලා තියෙන්නෙ මිනිත්තු හතළිහයි Vegas..මං පුළුවන් ඉක්මනටම ආවා..."

"ඒත් මට පාළු හිතුණා...ගොඩාක්ක්..." ඔහු එය පැවසූයේ වෙනස්ම හඬකිනි...

මං එනිසාම ඔහු අසළට ගොස් ඔහුගේ හිස පිරිමදින්නට වූයේ ඔහු කෙරෙහි ඇති වූ ආදරය හේතුවෙන්‍ ය..

"Pete...මට ඔයාව ඕනි..." ඔහු මුමුණන්නට වූයේ රත් පැහැයට හුරු දෑසිනි.

ඔහු මාගෙන් ඉල්ලන්නේ කුමක් දැයි මා හට තේරුණද ඒ පිළිබඳව කිසිවක් මා ඔහුට නොහැඟවූයේ ඔහු දැන් සිටිනා තත්ත්වය සමඟ ඔහුට එවැනි ක්‍රියාකාරකම් වල නිරත වීමට නොහැකි බව මා සිතූ නිසාවෙන් ය.

"Pete...මට ඔයාව ඕනි..." ඔහු නැවතත් එයම පවසයි..

"Vegas..මං මේ ඉන්නෙ ඔයාගෙ ළඟින්ම.."

"ඒත් Pete...මං කිව්වෙ එහෙම දෙයක් නෙවෙයි..."

"Vegas..ඔයාගෙ තුවාල තවමත් සුව වී නෑ..ඔයා හිතනවද ඔයාට ඔය හිතන විදිහෙ දේවල් කරන්න පුළුවන් කියලා.."

"Pete....."

"දෙයියන්ගෙ නාමෙට...කට වහගන්නවා Vegas..!!!"

මා පැවසූයේ මේ සංවාදය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය වූ නිසාවෙන්..නමුදු ඔහුද සිය උත්සාහය අත්හරින පාටක් නොවීය...ඒ සියල්ල අවසානයේ මා ඔහුගේ කීම සමඟ එකඟ වූයේ ඔහුගේ මුවේ සිහින් සිනහවක් ඇඳී යද්දී...

VegasPete Beginning of the love...Where stories live. Discover now