Part - 10

167 23 5
                                    


VegasPete Beginning of the love - 10

මුළු පරිසරයම නේක වර්ණ විදුලි බුබුළින් ඒකාලෝකමත් වී තිබුණි.දසතින්ම හැමූයේ විවිධ වර්ගයේ ආහාර වලින් වූ සුවඳ යි.තවත් පසෙකින් රාත්‍රියේ වුවද විසිතුරු මල් අලෙවිකරණා වෙළඳ සැලෙකි.දිනයේ වෙහෙසකර බව නිවා ගැනීමට පැමිණි පුංචි දරුවන් හා මාපියන්ද..,ඔවුනොවුන්ගේ ලෝකයන්හි තනිවී සිටිනා පෙම්වතුන්ගෙන්ද මෙම භූමිය පිරිතිරී ගොස් තිබිණි.රැස්ව සිටිනා විශාල ජනකාය අතරට මා හා Vegas ද එක් වූයේ මෙහි තිබෙන්නා වූ අපූර්වත්වය රස විඳීමටය..

අප මෙහි පැමිණීමට ප්‍රථම මෝටර් රථය නතර කිරීමට වෙන්ව තිබූ රථගාල හා සැසඳූ කල මෙහි වූයේ ඉතා දීප්තිමත් එළියකි.මන්ද රථ ගාල වූයේ දැඩි අඳුර මුසුව තිබූ භූමියක වූ නිසාවෙන්‍ ය...

උද්‍යානයේ වූ විවිධ වූ ස්ථාන කරා පියනඟමින් අප දෙදෙනා සිත් සේ විනෝද වන්නට වූයේ කුඩා දරුවන් විලසිනි.දෙමාපියන් හා පැමිණ සිටි කුඩා දරුවන් දුටු විටදී මාගේම කියා දරුවෙකු සිටියා නම් යන හැඟීම මා සිතට නැඟුණ නිසාවෙන්ම මා Vegas අමතා පවසන්නට වූයේ මටද දරුවෙකුගේ පියෙකු වීමට අවැසි බව යි...

"දැන්ම බෑ Pete..ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා..."

ඔහු පවසන්නට වූයේ මාගේ අත්ල පිරිමදිමිනි.ඒත් සමඟින් නිහඬ වූ මම ඔහුගේ බාහුවෙහි හිස තබා ගනිමින් සැනෙකිලි භූමිය පුරා ඇවිද යන්නට වූයෙමි...

මා දුකින් බව ඔහුට වැටහුණු නිසාවෙන්දෝ අසළ තිබූ අයිස්ක්‍රීම් වෙළඳ සැලකින් ඔහු අයිස්ක්‍රීම් රැගෙන පැමිණෙන්නට වූයේ මාගේ දුක තුනී කිරීමට මෙන්‍ ය.

උද්‍යානය පුරාවෙන් අවැසි විටදී හිඳ ගැනීම සඳහා බංකු සාදා තිබූ නිසාවෙන්ම Vegas මා කැටුව යන්නට වූයේ අන් ස්ථානයන්ට වඩා තරමක් අඳුරු බවක් පෙන්වූ බංකුවක් පිහිටි ස්ථානයක් වෙතට ය...

ඒත් සමඟින් අතෙහි වූ අයිස්ක්‍රීම් බඳුන මා හට දිගු කළ ඔහු එය කන ලෙසට මා හට ඉඟි කරන්නට වූයේ මා ඔහු දෙසම බලා සිටින විටදී ය.

"ඔයා කන් නැත්ද...?"

මා ඔහුගෙන් අසන්නට වූයේ තනිව එය කෑමට ගැනීමට මා හට සිත් නොදුන් බැවිනි.

VegasPete Beginning of the love...Where stories live. Discover now