Part - 07

182 22 8
                                    

VegasPete Beginning of the love - 07

❤️Pete....

යහනේ වැතිර හුන් අප දෙදෙනාටම නින්ද ගොස් තිබූ අතර අප අවදි වන විට රාත්‍රිය එළැඹ තිබිණි. Vegas අවදි වීමට පෙරාතුව මා අවදි වූ අතර ඉක්මනින් සයනයෙන් බැස , නැවතත් මා ගත සෝදා සැහැල්ලු කමිසයකින් හා කලිසමකින් සැරසෙන්නට වූයේ රාත්‍රි ආහාරය පිළියෙළෙ කිරීම සඳහා ය.මා නාන කාමරයෙන් පිටතට පැමිණෙන විටදී Vegas අවදිව සිටියේය..

" how long have you been awake , Pete...?"

ඔහු විමසන්නට වූයේ සිය දෙවුර හකුලුවමින් නිදි ගැට හරිමිනි...

"දැන් ටිකක් වෙලා Vegas..."

"What are you going to do now..?"

"රෑ කෑම හදන්න කියලා.."

මා ඔහුට පැවසූයේ , මෙහි සේවයට කෙතරම් සේවකයින් සිටියද Vegas ට අවශ්‍ය වූයේ මා පිළියෙළෙ කරන්නා වූ ආහාර පමණක්ම වූ නිසාවෙන්...

"අද dinner out එකකට යමු.."

නිරුවතින්ම මා වෙත පැමිණි ඔහු මා දෙතොල් මත හාදුවක් තැබීමෙන් අනතුරුව නාන කාමරය වෙතට යමින් පැවසූයේ සතුටින් මා ඉපිළ යද්දි...

"මෙයත් වෙලාවකට හරිම හොඳයිනේ....ආදරෙයි මං..." මං හෙමිට මටම පවසා ගත්තේ සතුටින් උඩ පනිමිනි.

"මට ඒක ඇහුණා..." ඔහුගේ හඬ එක්වරම මා දෙසවනට වූයේ මා රත් පැහැයට හැරෙනා විටදී...

🌺🌺🌺🌺🌺🌺

ඔහු විසින් තෝරා ගනු ලැබූයේ අප නිවෙස අසළම පිහිටි අවන්හලකි.දෑත් අල්වා ගෙන අප දෙදෙනා පා ගමනින් එවෙතට යන්නට වූයේ රාත්‍රියේ මෙලෙස නිවසින් පිටතට පැමිණීම ඇත්තෙන්ම මිහිරි අත්දැකීමක් වූ නිසාවෙනි.

අවන්හල් දොර මෑත් කරමින් අප දෙදෙනා ඇතුළට වද්දී , අපගේ දෙනෙතට හසු වූයේ එයටම ආවේණික වූ අන්දමේ තේමාවකින් නිමව තිබූ අවන්හල පුරාම විසිර සිටි පෙම්වතුන් ය.අවන්හලට ඇතුළු වනවාත් සමඟම එහි කවුන්ටරය මත වූ රත් පැහැති රෝස මල් පොකුරෙන් Vegas මලක් ගෙන මා කණෙහි රඳවන්නට වූයේ ඔහුගේ දෑස් දීප්තියෙන් බබළමින් පවතින විට..

...පෙම්වතුන් ඔවුනොවුන් ඔවුනොවුන්ගේ ලෝකයන්හි තනි වෙමින් ඉතා ළෙංගතුව ආහාර ගනිමින් සිටිනු දක්නට ලැබුණු අතර අප දෙදෙනාද එහි වූ එක් මේසයක් වෙත යන්නට වූයේ අපගේ රාත්‍රී ආහාර වේල භුක්ති විඳීම සඳහා ය....

VegasPete Beginning of the love...Where stories live. Discover now