Part - 11

195 25 19
                                    

VegasPete Beginning of the love - 11

අප පැමිණි රථය සුවිසල් මන්දිරයක් අසළ නතර කළ ඔහු මා ගේ දෑතින් අල්වා ගෙන එය තුළට මා රැගෙන යන්නට වූයේ එහි වටාපිටාව හොඳින් මා නිරීක්ෂණය කරන විටදී.පැහැදිලිව නොපෙනුණද එය තරමක විසල් මන්දිරයක් බව නම් පැහැදිලි ය.සිය කලිසම් සාක්කුවෙන් එහි වූ දොරටුව විවර කිරීම සඳහා වූ යතුරු කැරැල්ල සියතට ගත් Vegas මන්දිරයේ දොර විවර කරලූ විට එය මහ හඬින් විවර වූයේ මා තව දුරටත් තිගැස්සෙන විටදී..ඔහුව අනුගමනය කරමින් ඔහුගේ අතකින් අල්වා ගෙන මන්දිරය වෙතට පිය නැගූ මා එහි වටා දෙනෙත් ගෙන යන්නට වූයේ පැමිණ සිටින්නේ කුමනාකාරයේ ස්ථානයකට දැයි සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම සඳහා ය.

එහි ඇතුළත සම්පූර්ණයෙන් ආලෝකමත් වූයේ රත් පැහැයෙනි.දැඩි අඳුරෙහි ගිලී තිබූ පරිසරයට රක්ත වර්ණ ආලෝක කදම්බයන් එක්කරලූයේ ගුප්ත ස්වරූපයක්.අප ඇතුළු වූ ප්‍රධාන දොරටුව නැවතත් අඟුළු දැමූ Vegas රත් පැහැයෙන් ආලෝකමත් වූ භූමියේ ඉදිරියට පිය නගමින් ගොස් සිය පාද නතර කරලූයේ තරප්පු පේළියක් අසළිනි.උඩු මහළට පිවිසීම සඳහා වූ තරප්පු පේළියෙහි දෙපස කහ පැහැති ඉටි පන්දම් දල්වා තිබෙන්නට වූයේ මඟ පැහැදිලිව පෙනීම සඳහා විය යුතුය.මන්ද අඳුරු වූ නිවෙසට හා රත් පැහැයට හුරු ආලෝකයට හුරු වූ නෙතට දැල්වූ ඉටි පහන් ආලෝකය මාහැඟි වූ නිසාවෙන්.

ඔහු තවදුරටත් මාගේ අතින් අල්වා ගෙන තරප්පු පේළිය ඔස්සේ යමින් නතර වූයේ මින් පෙරදී මා කිසි දිනෙක නොදැක තිබූ ආකාරයේ ස්ථානයකටය.එහි තිබූ සියල්ලක්ම මා හට අලුත් එමෙන්ම අරුම පුදුම උපකරණ වන්නට විය...

"Pete...don't be scary.."

ඔහු මාගේ මුහුණ දෙසින් බලමින් පැවසූයේ මා භීතියෙන් කිළිපොළා යන විටදීය...

ඒත් සමඟින් එහි වූ සයනය මතට මා තල්ලු කළ ඔහු මාගේ දෑත් සහ දෙපා එහි සිව් කෙළවරේ බැඳ දැමූයේ මා නැවතත් ඔහුට අවනතව සිටියදී.ඒ වන විටත් මාගේ සිරුර දහඩියෙන් තෙත්ව තිබිණි.මම එතරම් අද දිනයට බියෙන් පසුවීමි.කිසි දිනෙක නොවූ අයුරින් ඉතා බිහිසුණු සිනහවක් මා වෙතට ගෙන ආ Vegas සිය ගතෙහි වූ කමිසය උනා දැමූයේ මා සිරුර පුරා සිය දෑත් ගෙන යමින්.මාගේ සිරුර හොඳින් පරීක්ෂා කරමින් බැලූ ඔහු දැල්වෙන ඉටි පහනක් , මා අසළට ගෙන ආයේ මා තව තවත් බියට පත් වත්දී..
මා සිරුර පුරා දියව යන ඉටි බිඳු දමන්නට වූ ඔහු එහිදී ඇතිවන වේදනාවෙන් මා නඟන හඬ වඩ වඩාත් ප්‍රිය කරන්නට විය...ඔහු මින් පෙරදී සිදු කළ පහර දීම් වලින් ඇති වූ තුවාලද තවමත් සුව වෙමින් පැවති නිසාවෙන් සිරුරෙන් නැගෙන්නා වූ වේදනාව තව තවත් තීව්‍ර විය..අප විවිධ අයුරේ වේදනාවන් දරා සිටීමට හැකි වන අයුරින් පුරුදු කළ තිබූ බව සැබෑවකි.නමුත් මෙය් හැඟීම් සමඟ මුහු වූ ගණුදෙනුවක් වූ නිසාවෙන්ම මා හට දැනුණු වේදනාව මාගේ සීමා ඉක්මව යමින් පවතින බව මා හට හොඳින්ම වැටහෙමින් තිබිණි...

VegasPete Beginning of the love...Where stories live. Discover now