Part - 12

147 18 6
                                    

VegasPete Beginning of the love - 12

ආදරය මුහු වූ කඳුළු සුසුම් වැල් මතින් නැඟී සිටි අප දෙදෙනා නැවත නිවෙස කරා යාමට පිටත් වන්නට වූයේ හිමිදිරි පාන්දර එළැබෙන විටදී ය.තවත් නවමු දවසක ඇරඹුම වුවද වෙනදා බබළන හිරු රැස් මෙදින දක්නට නොවූයේ උදා කාලයේ මුළු අහසම වැහි මන්දාරමෙන් වැහී තිබූ නිසාවෙනි.අද දිනය පුරා පවතින්නේ වැහි බර කාලගුණයක් බැව් නම් සක්සුදක් සේ පැහැදිලි ය.අප දෙදෙනා නිවෙසට එන අතරමඟදී ගමන් කරමින් සිටි මෝටර් රථයෙන් පිටත බලමින් පැමිණි මා දෑසට හසු වූයේ අවට ගස් කොළන් සියල්ලක්ම තමාට නතු කරගනිමින් හමා යන මාරුතය යි.Vegas ට නම් පරිසරයේ කිසිඳු හෝ වෙනසක් නොදැනී ඇති සෙයකි.සවනට වැකෙන මිහිරි වූ සංගීතයට සවන් දෙමින් ඔහු මා ගේ එක් අතකින් අල්වා ගෙන තව දුරටත් රථය ධාවනය කරමින් සිටී...

රාත්‍රියේ ඔහු මා රැගෙන එන විටදී මා හට පැහැදිලිව දැක ගැනීමට නොහැකි වූ මාර්ගය මාගේ නෙතට මේ මොහොතේ පැහැදිලිව දැක ගැනීමට හැකි වූ අතර ක්‍රමයෙන් අපි දෙදෙන ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමු.ඔහු මා පෙර දා රැයේ රැගෙන ගොස් තිබෙන්නට වූයේ ප්‍රධාන නගරයෙන් තරමක ඈතින් පිහිටි පෙදෙසකට බව අප පැමිණි දුරත් සමඟ මා හට පැහැදිලිව තේරුම් ගැනීමට හැකි විය.නමුත් එහි හෝ මෙහි කියා වෙනසක් නොවන අන්දමට නගරය ඉතා වැඩියෙන් අඳුරු වී පැවතීයේ මුළු අහසම ගුගුරුවමින් අකුණු හඬ අප දෙසවන් වල ගැටෙන විටදී ය.

"අද නම් හරිම ලස්සන දවසක්..."

Vegas සතුටින් උරුවම් බාමින් වාදනය වන ගීතය මුමුණමින් සිටී...

ඉතා අලංකාර අන්දමින් තමා ගීතය ගායනා කරමින් සිටින බව සිතමින් ඔහු සිය එක් අතකින් තාල අල්ලමින් එය ගායනා කළද අහසේ ගුගුරන හඬට එක් වූ ඔහුගේ ගායනය හමුවේ මට සිතුණු එකම දේ නම් "මේ මනුස්සයාට බැරිද මට එක මොහොතක් සැනසිල්ලෙ ඉන්න දෙන්න..." යනුවෙනි ...

ඔහු නම් ඇත්තෙන්ම මා හට කරදරකිරීමට පැමිණ සිටින කරදරකාරයෙකි.මට සිතුණේම එලෙස ය.
කෙතරම් නපුරු ගති පැවතියද බහ තේරීමට පටන් ගත් පොඩි දරුවෙකු සේ සිය ලා රත් පැහැ දෙතොල් සොලවමින් ඔහු ගායනා කරන අන්දමට මා සිත තව තවත් ඔහු කෙරේ බැඳන්නට වූයේ නිරායාසයෙනි.

ඇත්තෙන්ම ඔහු නම්........

ආදරණීය කරදරකාරයෙකි....

මා තනිව සිතමින් ඔහුගේ චලන නිරීක්ෂණය කරන්නට වූයේ හදවත උතුරා යන්නා වූ ආදරණීය හැඟීම් ඔහු නමටම අකුරු කරමින්...

මාගේ සිතිවිලි ලෝකයට බාධා කරමින් එක්වරම රථය වෙළඳ සැලක් අසළ නතර කළ ඔහු මාද කැටුව එයට ගොඩ වූයේ මා ඔහුගෙන් කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කරනා විටදී....

🌸🌸🌸🌸🌸🌸

අනේ ටිකයි තමයි...😔

ඊළඟ දවසෙ දිග කොටසක් ලියනෝ...

ඊළඟ දවසෙ දිග කොටසක් ලියනෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
VegasPete Beginning of the love...Where stories live. Discover now