⛓️ chapter 1 ⛓️

309 20 0
                                    

.  
.
.
.
.
.
      ' අද  මගේ ජීවිතේ කවදාවත්ම බලාපොරොත්තු නොවුන දවසක්.... අප්පා මේ ගත්ත තිරනය හරි එකක් ද.. එයාගෙ සතුට වෙනුවෙන් මට කරන්න ඉතුරු මේ දේ ද... මට ඔම්මා කෙනෙක් වගේම පුංචි සහෝදරයෙක් ලැබෙන්න යන්නේ.... මගේ මේ වයසට පුංචි සහෝදරයෙක් ඇත්තටම හිනා යන කාරණයක්....'

Kim පවුලේ එකම උරුමක්කාරයා kim namjoon අප්පාගේ business වලට උදවු කරන ගමන් තනියම තමන්ගේ business එකක් කරගෙන යන joon වැඩි කතාවක් නැති නිහඬ ටිකක් ආඩම්බර කෙනෙක්...... කොල්ලා අද ගෙදරින් පිටත් උනේ luna hotel එකට එයාගෙ ඔම්මා වෙන්න ඉන්න කෙනාව මුල්ම වතාවට මුණ ගැහෙන්න ... joon අප්පාගෙ මේ තීරණයට මුලදී අකමැති උනත් අප්පාගෙ සතුට වෙනුවෙන් එයාට හිත හදා ගන්න සිද්ධ උනා....

වාහනය hotel එක ඇතුලට දාපු joon ඇදුම පිලිවෙලට හදාගෙන කොන්ඩෙ ඇඟිලි වලින් හෙමින් හද හද බිම බලාගෙන හිමින් අඩිය තියලා එන්න හදද්දිම කොහෙද ඉඳලා ආව පුංචි කොල්ලෙක් එයාගෙ ඇඟේ වැදිල ඉස්සරහට දුවගෙන ගියා ...

" excuse me.... පොඩ්ඩක් ඉන්න "

එක පාරම ඇහුන ගොරෝසු හඬට ගැස්සී ගිය පිරිමි ලමයා හෙමින් සීරුවේ හැරිලා බැලුවේ වැරද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගේ...කොල්ලා අත් දෙකෙන්ම bag එකක් බදාගෙන ඇස් දෙකත් ලොකු කරගෙන joon දිහා බලාගෙන හිටියේ මුව පැටියෙක් වගේ...

" තමුන්ගේ දෙමව්පියෝ තමුන්ට manners කියලා දෙයක් උගන්නලා නෑ වගේ... අඩුම sorry කියන වචනෙ වත් ? ...."

" අනේ මට සමාවෙන්න... මගේ ඔම්මා මන් එනකම් බලාගෙන ඉන්නවා... කලබල වැඩි නිසයි එහෙම උනේ...I'm really really sorry..."

" Hmmm... ප්‍රශ්නයක් නෑ දැන් යන්න.."

" ප්‍රශ්නයක් නෑ කියලා ඉස්සෙල්ලම කිවුව නම් ඉවරයි නේ... බොරුවටනේ තියාගෙන බැන්නේ "

ඇහෙන නෑහෙන ගාණට කිවුව කොල්ලා joon දිහා නොබල දිව්වා..

" තමුන්..... Huh . .දැන් හැදෙන පොඩි උන් නම් ...."

හුස්මක් අරන් පිට කරපු joon මූණට ලස්සන හිනාවක් අරගෙන hotel එකට ඇතුළු උනා .. table එක ලඟට ගිය joon දැක්කේ ගොඩක් සරල වගේම හරිම ලස්සන අහිංසක කාන්තාවක්...අප්පා එක්ක හිනා වෙවී ලොකුකතාවක් ... ඊට එහා පැත්තෙන් menu එකට මූණ වහගෙන ඒක දිහා බලාගෙන ඉන්න පිරිමි ලමයෙක් ...

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now