⛓️ chapter 16 ⛓️

88 15 0
                                    


දවස් කීපයක්ම ගෙවුනේ හිතාගන්න බැරි තරම් ඉක්මනට ...ඒ කාලේ පුරාවටම jungkook joon ව මගෑරලා ඉන්න ගොඩක් උත්සහ කරා joon ව දකින හැම වතාවකම එයා බිම බලාගෙන ඉන්න වගේම අහන හැම දේකටම කෙටි වචනෙන් උත්තර දෙන්න වග බලා ගත්තා...jungkook ගෙ මේ වෙනස joon ට දරාගන්න බැරි තරම් වේදනාවක් වෙද්දි kooට තාමත් හිතාගන්න බැරුව හිටියේ මොකක්ද කරන්න ඕනි කියලා... koo ආදරේ කරේ , ජීවිත කාලෙම ඉන්න ඕනි උනේ... හැම සතුටක්ම බෙදාගන්න ඕනි උනේ joon එක්ක විතරමයි...ඒත් එළි උන joon ගෙ රහස් ජීවිතය ගැන jungkook ට ඇති උනේ අපැහැදීමක්...
.
.
.
වෙනදා වගේම Joon උදෙන්ම නැගිටලා එයාගෙ එහා පැත්තෙ තාමත් හොඳට නිදාගෙන ඉන්න koo දිහා බැලුවා..නින්දෙන් එයා Joon ට ගොඩක් තුරුල් වෙලා හිටපු නිසා එයාගෙ හාවෙක් වගේ අහිංසක මූණ පුරා හාදු වලින් පුරවන්න joon ට ඕනි උනා..ඒත් ඒකෙන් koo ඇහැරුනොත් අපහසුවක් දැනෙයි කියලා හිතුන නිසා එයා ඒ අදහස අතෑරලා දැම්මා..

Koo නැගිටින්න කලින් එයාගෙන් වෙන් වෙලා තමන්ගේ කාමරේට ආපු joon ඉරිදා දවසේ උනත් office එකට යන්න ලෑස්ති උනේ එයා ගෙදර ඉන්න එක kooගේ නිදහසට බාධාවක් වගේ කියලා හිතුන නිසා..joon ට ඕනි උනේ koo ව සතුටින් තියන්න..

ලෑස්ති වෙලා උදේ කෑම එක වත් හදාගන්න වෙලාව වෙන් නොකරපු joon ඉක්මනින් ගෙදරින් පිටත් උනේ office එකට..

තාමත් සුව නින්දක හිටපු jungkook එක පාරම ඇහැරුනේ එයාගෙ phone එක ring වෙන සද්දෙට..බාගෙට ඇස් ඇරල screen එක දිහා බලද්දී දැක්කේ හරිම හුරු පුරුදු අංකයක්..

" ම්ම්... jimin.... "

" koo... තාම නිදිද ඔයා.........."

" දැන් නැගිට්ටේ.... මොකද මේ උදේම..ම්ම්හ්.."

ඇඟමැලි කඩන ගමන් jungkook උත්තර දුන්නා..

" tae මාව ඡේජු එක්කගෙන යනවා කිවුවා... ඉතිං ඔයත් අපි එක්ක යමුද .....හියුන් එක්ක... "

මුලින්ම ගමන ගැන කියද්දී ආස හිතුනා උනත් jungkook ඒ අදහස ආයිමත් වෙනස් කරගත්තා...

" අම්... හියුන් නම් මේ ටිකේම busy....මට තනියම එන්නත් බෑනේ Jimiyoo..."

" ම්ම්ම්... ඒක තමයි... එහෙනම් අපි වෙන දවසක යමු koo....පරිස්සමින් ඉන්න..."

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now