⛓️ chapter 11⛓️

94 15 0
                                    

Jungkook දවසෙන් බාගයක්ම ගත කරේ ඊයේ දවසේ උන දේවල් එක්ක..college එකට ආවත් එයාගෙ අවධානය තිබුනේ joon ළඟ..එයා තනියම joon ගැන හිතන ගමන් සැරින් සැරේට මූණ රතු කරගෙන ලැජ්ජාවෙන් Koo හිනා වෙන දිහා vmin දෙන්නා ටික වෙලාවක් බලාගෙන ඉඳලා එයාගේ ලඟට ආවා..

" කුකී.. මොනාද කල්පනා කරන්නේ...ඔයා හොඳින් නේද..."

" ඔයාල දෙන්නා ආව එක හොඳයි... "

" මොකක් හරි ප්‍රශ්නයක් ද.."

දෙන්නම koo ලඟින් වාඩි වෙලා එයා කියනකන් බලාගෙන හිටියා.. හුස්මක් පිට කරලා එයා කතා කරන්න යද්දි ආයෙත් කොල්ලාගේ මූණ රතු වෙන්න ගත්තා..

" මට ඔය දෙන්නට හංගන්න දෙයක් නෑ නේ...ඊයේ දවසම මන් හිටියේ හියුන් එක්ක..අපි ගොඩක් තැන්වල ඇවිද්දා.... ඔයාල දන්නව නේ එයා ගැන...එයා කලින් date එකකට ගිහින් නෑ වගේ... අන්තිමට අපි හවස් වෙලා film එකක් බැලුවා.. අපි දෙන්නා වාහනේ ඇතුලේ හිටියේ...මේ... එයා නිදාගෙන හිටියේ.... ඉතින්... "

" ඉතින් මොකද උනේ...."

දෙන්නත් කතාව හොඳ අවධානෙකින් අහන් ඉන්නවා. ඒත් koo ට ඉතුරු ටික කියාගන්න ටිකක් ලැජ්ජ හිතුනා..ඕනි දෙයක් වෙන්න කියලා එයා එක පාරම කියලා දැම්මා...

" මේ...මන්..මන්.....එයාව kiss කරා..."

" හෑ...."

Vmin දෙන්නා ඒක ඇහුන ගමන් ඇස් ලොකු කරගෙන කට ඇරගෙන koo දිහා බලාගෙන හිටියේ..අනිත් අයට ඇහෙන්න නොදී koo ඉක්මනට දෙන්නගෙම කටවල් අත් දෙකෙන්ම වැහුවා..

" ෂ්ෂ්...කෑගහන්න එපා... මන් ඉතින් හිතුවේ එයා නිදි කියලා.. එයා නිදාගෙන නෙවෙයි ඉඳලා තියෙන්නේ... "

Koo තොල් පෙරලන ගමන් හුරතල් විදිහට කිව්වා..

" ඉතින් ඇදලා අරන් kiss කරා ද.."

තාමත් මූණේ තියන koo ගෙ අත අයින් කරන ගමන් tae කිව්වේ හොඳ උත්තරයක් බලාපොරොත්තුවෙන්....

" පිස්සුද tae... හියුන් එහෙම මොකුත් කරේ නැ... අඩුම එයා මට බැන්නේ වත් නෑ.. අද උදේ මාව ගෙනත් දැම්මේත් කිසි දෙයක් නොවුන ගාණට...එයා ඇයි මොකුත් නොකියා හිටියේ..."

" ඒක තමයි..අකමැති නම් ඒක ඒ වෙලාව කියනවා නේ..."

Jimin කල්පනා කරන ගමන් කිව්වා..ඒ එක්කම එයා koo ට ලං වෙලා ආයිමත් කතා කරා..

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now