⛓️ chapter 13 ⛓️

92 16 0
                                    


Hobi එයාගෙ වාහනේ නතර කරේ අතුරු පාරකට හැරෙන තැනක තියන ලොකු ගහක් යට ..Koo තාමත් ඉස්සරහ බලාගෙන එහෙමම ඉන්නවා..

" කුකී... "

" ම්ම්ම්..."

ඇහෙන්න නෑහෙන ගාණට Koo hobi ට උත්තර දුන්නෙ තාමත් එහෙමම ඉඳගෙන...

"හුම් නෙවෙයි බබෝ.. දැන් hobi හියුන්ට කියන්න..ඇයි මෙහෙම ගෙදරින් ආවේ.."

හුස්මක් පිට කරලා Koo බිම බලාගෙනම හිමින් කතා කරන්න පටන් ගත්තා...

" හියුන් මගේ හිත රිද්දුවා hobi හියුන්... එයා මගේ ඔම්මට අපහාස කරා..එයාට මාව ඕනෙත් නෑ... මට එහේ ඉන්න ඕනි නෑ hobi හියුන්..."

" koo...ඔයාගේ ඔම්මා ගැන එයා මොනාද කිව්වේ කියලා මන් දන්නේ නෑ... හැබැයි මන් එක දෙයක් හොඳින්ම දන්නවා... ඔහානී ආන්ටි ගැන joon ගෙ හිතේ තිබුණේ එයාගෙ ඔම්මට තිබුණු තැන...අනිත් දේ තරහ ගියාම එයා කියන දේවල් එයාවත් දන්නේ නෑ ... ඒ නිසා ඒ ගැන හිතන්න එපා koo... "

ඒ කතාව නම් සහතික ඇත්ත කියලා koo ට හිතුනා..ඔම්මට අපහාස කරන්න ඕනි නැති උනත් joon එහෙම කරේ jungkook ගෙ දුර්වල කම ඒක කියන දේ joon දන්නා නිසා කියලා එයා හිතුවා..

" හ්ම්ම්ම්...මගේ ඔම්මත් එයාට මට වගේම ආදරේ කරා හියුන්..."

" joon ඒක දන්නවා පැටියෝ.. ම්ම්.. ඉතින් දැන් ප්‍රශ්නයක් නෑ නේද... අපි ගෙදර යමු ද.."

Hobi එයාට ඕනි දේ තාමත් jungkook ගෙන් ගන්න බැරි උනා නිසා ඒකට උපායක් විදිහට එයා key එක ලඟට අත අරන් ගිහින් එතනින් පිටත් වෙන්න හැදුවේ .. එයා හිතුවා වගේම Jungkook එයාව නතර කරගත්තා..

" මට බෑ... "

" ඇයි koo..."

Koo ගෙ හිතේ තියන දේ hobi දන්නවා.. ඒත් koo ඒ ගැන කියනකන් එයා කිසිම දෙයක් අහන්න ගියේ නෑ.. ටික වෙලාවක් එහෙමම හිටපු koo ආයිමත් කතා කරන්න ගත්තා... කලින් සැරේට වඩා දැන් එයාගෙ හඬ තවත් බාල වෙලා....

" හියුන්...මන් joon හියුන්ට ආදරෙයි... මට එයාව ඕනි හියුන්...ඒත් එයාට මාව වත් මගේ ආදරේ වත් ඕනි නෑ...මටත් හැගිම් දැනීම් තියනවා... මටත් රිදෙනවා හියුන්..එයා මාව reject කරේ ගොඩක් නපුරු විදියට.."

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now