⛓️ chapter 3 ⛓️

89 18 0
                                    

    තුන් දෙනා ගෙදර ඇතුලට ආවේ ඇස් දෙකත් ලොකු කරගෙන.. ඒක ඇත්තටම ලස්සන ගෙදරක්..හරියට  Blue house එක වගේ.. හැමදේම ලස්සනට පිලිවෙලට තිබුණා..  තුන් දෙනා හිමීට ඇවිදගෙන ඉස්සරහට ගියා ඔම්මා කිව්වත් වගේම උඩ තට්ටුවට ගිහින් බලද්දි එයාගෙ දොරේ පුංචි ටැග් එකක් එල්ලලා තිබුණා... පොඩ්ඩා දොර ඇරගෙන ඇතුලට ගිහින් බැලුවා...එයාගෙ හැම දේම ඒ කාමරේ ඇතුලේ තිබුණා...තව අලුත් දේවල් කිහිපයක් ඒ අතරට එකතු තිබුණා.....

 
     "  මේ තමයි මගේ room එක.....කොහොමද මේක..."

  "  ඇත්තටම ලස්සනයි koo... "

  " අපි විතර නේ ඉන්නෙ පොඩි fun එකක් ගමු "

  "  දෙන්නා ඉන්නකෝ ..මන් මොනා හරි කන බොන දේවල් ටිකක් හොයාගෙන එන්නම්.."

     koo දුවගෙන ගියේ kitchen එකට.. ඒක හිතුවට වැඩිය ලොකු kitchen එකක්...ඒ වගේම ඕනි කරන හැම දෙයක්ම පිලිවෙලට තියල තිබුණා ..... koo ගැන දන්න නිසාම එයාගෙ අම්මා  ඕනි හැමදේම කලින්ම ගෙනල්ලා තිබුණා... කෑම බීම හදාගෙන අත් දෙකේ ඔක්කොම පුරවගෙන කාමරේට ඇදුනා....

    තුන් දෙනා කාමරේ ඇතුලේ පාර්ටි වගේ.... koo දැනගෙන හිටියේ නෑ අද joon ගෙදර කියලා..එයා හිටියේ එයාගෙ කාමරේ...හරියටම  jungkook ගෙ කාමරේට එහා පැත්තෙන්....ඉතින් මෙයාලගේ සද්දෙ එන්න එන්නම වැඩි වෙද්දී  Joon ට තවත් බලාගෙන ඉන්න බැරි උනා... එයා ඒක පාරම ලැප් එක වහලා දාලා..කෙළින්ම ගියේ jungkook ගෙ කාමරේ ළඟට...

          Knok✊️💢💢....

    දොරට තට්ටු කරන සද්දෙ ඇහුන ගමන් Jungkook හිතුවේ ඔමිමා කලින්ම ඇවිත් කියලා ..එයා  ලොකු බනී හිනාවක් අරගෙන දුවගෙන ගිහින් දොර ඇරියා...  එතන හිටියේ අත් දෙකත් බැඳගෙන කන්න වගේ බලාගෙන ඉන්න joon...   koo ගෙ හිනාව ඒක පාරම නැති උනේ හරියට හුලං ගිය බැලුමක් වගේ...

  " හියු..න්....ඔයා... ගෙදර...ද ..... "

   "  ඔව් ....පොඩ්ඩක් සද්දෙ අඩු කරගන්න පුළුවන් නේද... මොකද මම ලොකු වැඩක ඉන්නේ.."

  " අාාා ..හරි  .... "

" හ්ම් "

 
    කාමරේට යන්න හදපු joon නතර උනේ එයාට පුංචි තිබහක් ආව නිසා..එයා කෙලින්ම ගියේ යට තට්ටුවට... kitchen එකට ඇතුළු වෙද්දී එතන අවුල් ජාලාවක් වෙලා.... කෑම තිබුණ පැකට්  ඒවගෙන් වැටුන කෑලි butter ගාලා එහෙම්ම දාලා තිබ්බ knife එක වටේට හැලිලා තිබුණ සීනී  බාගෙට වහලා දාලා තිබුණ සීනී බෝතලේ දැනටමත් පිරිලා ඉන්න කූඹි සෙට් එක  .. joon ට  අපායේ කොටසක් පෙන්නුවා වගේ.. ඇස් දෙක පියාගෙන එයා තමන්ව සන්සුන් කරගන්න ගොඩක් උත්සහ කරා..... ටිකකින් මේ හැමදේම එකින් එකට අස් කරලා room එකට ගියේ කොයි වෙලාවෙ හරී jungkook ව අල්ලාගන්න හිතාගෙන......

    හවස් වෙද්දි vmin දෙන්නා පිටත් පිටත් කරලා ආයිමත් කාමරේට යන්න යද්දි  එයාට ඇහුනා  කෙනෙක් එයාට කතා කරනවා ...

  " jungkook...."

   "ඕ.. හියුන්.... ඔයා වැඩ ඉවර ද.."

  "  මන් තමන්ව නතර කරගත්තේ  මගේ වැඩ ගැන කියන්න නෙවෙයි... මගේ ruls ගැන ආපහු මතක් කරන්න... "

  "  හියුන් ඔයා කිව්වේ නෑ නේ මගේ යාළුවෝ එක්ක එන්න එපා කියලා..."

"  මට වැඩක් නෑ ඒවා....  තමුන්ට මන් කියපු දේවල් වලින් පලවෙනි එක තමුන් මේ ගෙදරට ආපු මුල් දවසෙම කැඩුවා... ඒ මදිවට kitchen එක විනාස කරලා...ආයේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ... එහෙම උනොත් තමුන්ට හොස්ටල් තමයි නතර වෙන්න වෙන්නේ... තේරුණා ද...."

කොල්ලනේ ඇස් වල කඳුලු පිරෙන්න ගත්තෙ බලාගෙන ඉද්දි.... ඒවා පාලනය කරගන්න එයා ගොඩක් උත්සාහ කරනවා joon දැක්කා...

" තේරුණා.."

" යන්න දැන්.."

   බිම බලාගත්ත koo ඉක්මණින් එයාගෙ කාමරේට දුවගෙන ගියා.....

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now