⛓️ chapter 9 ⛓️

81 17 0
                                    

 
   නිවාඩු දවසේ jungkook උදෙන්ම නැගිටලා පුන්චි wash එකකුත් දාගෙන කොල්ලා ඉක්මනට kitchen එකට දුවගෙන ගියේ joon ට උදේ කෑම ලෑස්ති කරන්න... එයා ලෑස්ති වෙලා එන්න පැයක වගේ කාලයක් තිබුණ නිසා  jungkook ට  කෑම හදන්න එක හිමින් සැරේ පටන් ගත්තා..පටන් ගත්තට හදන්නේ මොනාද කියලා පුංචිම අදහසක් වත් තිබුණේ නෑ... පත්තු උනා 💡..

    කුකී ඉක්මනට භාජනයක් අරගෙන ඒකට පිටි ටිකක් දැම්මා.. දැම්ම පාරට පිටි ටික වලාකුලක් වගේ ඇවිල්ලා මූණේ හැම තැනම..පිටි ටික දිහා බලාගෙන කුකී කල්පනා කරනවා ඊලගට දන්න ඕනි මොනාද කියලා... ඒ අතරේ ආයිමත් පත්තු උනා 💡 ... කුකී එයාගෙ phone එක අරගෙන ඇඟිලි තුඩේ වේගෙන් කෙලින්ම ගියේ ajumma YouTube නාලිකාවට... ඒකෙ තිබුණේම කෑම... සහල් පිටි නැතුව rice cake සාදාගන්න ආකාරය... බටර් , බිත්තර , අවන් නැතුව කේක් සාදන ක්‍රම....  ගෙදරදීම ramen සාදන ආකාරය... විනාඩි පහෙන්  kimchi හදමු ... මේ දෙක විතරක් භාවිතා  කරලා ලේසියෙන් හදන්න පුළුවන් පැකට්ටුවේ එන buldak ramen....සරල විදිහට වෙලාව ඉතුරු  කරගෙන pancake හදමු...  කොල්ලට හතර වරන්.. එයා තෝරාගත්තේ pancake....

 
     Video එක play වෙන්න දාලා  කුකී වැඩේ පටන් ගත්තා... ajumma කරන විදිහ බලාගෙන කොල්ලා මිශ්‍රණය නම් ඉක්මණට හදාගත්තා... ඉතුරු ටික කරන එක අමාරු නැති නිසා phone එක පැත්තකින් තියලා ලිප on කරලා ඕනි දේවල් ළඟට අරගෙන කුකී පටන් ගත්තා...

   ඒ  එක්කම එයාට ඇහුනේ එළියෙන් වාහනයක් ඇවිත් නතර කරන සද්දෙ... මේ උදේ වෙන කවුරු එන්න ද hobi හියුන් තමයි එන්න ඇත්තෙ කියලා කුකී     එයාගෙ වැඩේ දිගටම කරගෙන ගියා...

    දන්න විදියට කීපයකට හදාගත්තා... ඒත් ඒවා එක එක විදියේ ප්‍රමාණ වලින් හැදිලා තිබුණේ..වැඩේ අතාරින්න බැරි නිසා එයා ඉතුරු ටිකත් හදාගෙන ගියා..

  " කුකී  පැටියෝ..."

" ඕහ්..hobi හියුන්..."

     Hobi වගේම එයාගෙ පිටිපස්සෙන් හිටියේ joon..

"  මොනාද පැටියෝ මේ උදෙන්ම හදන්නේ... ම්ම්මී... හොඳ සුවඳක් නම් තියනවා... joon කාලා බලමු ද... "

"  ඉන්න හියුන් මම දාලා දෙන්නම්...."

     Jungkook පුන්චි plate එකක් අරගෙන ඒකට pancake කීපයක් එකින් එක උඩින් තියලා ඊට උඩින් පැණි දාලා hobi ට දුන්නා... ඒක අරගෙන පැත්තකින් තියපු hobi ළඟ තිබුන tissue box එකෙන් කීපයක් ඇදලා අරං කුකීගේ මූණේ තාමත් තියන පිටි ටික පිහලා දැම්මා...

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now