⛓️ chapter 19 ⛓️ -The End-

137 20 3
                                    

Two years later ___

  
   Namjoon හිටියේ එයාගෙ office room එක ඇතුලෙ වීදුරුවෙන් එහා පේන ටවුන් එක දිහා බලාගෙන කල්පනා කරන ගමන්...අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙද්දි ගොඩක් දේවල් ඉක්මනින් වෙනස් වෙලා තිබුණා..

  
    Joon koo ව හොයන්න පුළුවන් හැම තැනකම තාමත් හොයනවා.. ඒත් කිසිම තොරතුරක් අද වෙනකන් එයාට දැනගන්න ලැබුනේ නෑ...හිස් අහස දිහා බලාගෙන තාමත් එයා koo එනකන් බලාගෙන ඉන්නවා....

    Joon ගෙ කල්පනාව බිඳිලා ගියේ එක පාරම කෙනෙක් කඩාගෙන බිඳගෙන room එකට ඇතුල් වෙද්දී....

" joon "

" hobi.... මොකද මේ ..."

" ඔයා මාව විශ්වාස කරනවද ... මට ආරංචියක් ලැබුණා....අපේ koo ඉන්නවා Joon... "

Joon ඉක්මනට දුවගෙන ආවෙ hobi ළඟට...එයාගෙ උරහිස් උඩින් අත් තියන ගමන් මූණට බර උන joon hobi දිහා බලන් හිටියේ අදහාගන්න බැරුව..

" මගේ koo ... කොහෙද එයා ඉන්නේ hobi... "

" ම්ම්....  ටිකක් දුර.. තේගු වල ඉඳලා තව ටිකදුරක් යන්න ඕනි... මගේ කොල්ලො ටික හොයාගෙන තියන්නේ...joon අපි යන්න ඕනි... ඉක්මනට..."

" hobi ඉන්න...අපිට එකපාරටම යන්න බෑ... koo බයවෙයි..."

" කොහොම ගියත් අපි koo ගෙ ඉස්සරහට යන්නම ඕන නේ.... අනික Joon ඔයා අවුරුදු දෙකක් තනියම දුක් වින්දා...koo ටත් එහෙම වෙන්න ඇති... මේක මගේ අතින් උන වැරද්දක්... මට ආපහු හදන්න දෙන්න joon...අපි පරක්කු නැ... ඉක්මනට ගියොත් හවස් වෙද්දි යන්න පුළුවන් .. "

  අදිමදි  කරා උනත් Hobi Joon ව ඇදගෙන ඇවිත් බලෙන්ම car එකට නග්ගල එයා පුළුවන් ඉක්මනට ගියේ ලැබුණු address එකට...

.
.
.

     අඳුර බෝ වෙමින් හැම තැනම පැතිරෙන වෙලාවේ තේගු නගරයට ආසන්න පුංචි පලතුරු කඩයක හිටපු වයසක පුද්ගලයෙක් දවසේ ආදායම සටහන් කරන ගමන් ආවේ එයාගෙ පුංචි සේවකයා ළඟට...

" jungkook....අද රෑ වෙනකන් ඉන්න ඕනි නැ... අපි තව ටිකකින් කඩේ වහලා යමුද...."

" ආ... හරි අජුස්සි....මන් මේ ටික ඇතුලෙන් තියන්නම්..."

" හොඳයි...අස් කරන්නකෝ එහෙනම්..."

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now