⛓️ chapter 7 ⛓️

95 20 0
                                    

දවස් කිහිපයකට පස්සෙ jungkook සැලකිය යුතු මට්ටමකට සුව වෙලා තිබුණා...joon එයාගෙ හැම වැඩක්ම ගෙදර ඉඳන් කරන්න ගත්තෙ jungkook ව තනි කරන්න බැරි නිසා.. එයා නතරම koo ගැන සෙවිල්ලෙන් හිටියා... වෙච්ච හැම දේම කාලයත් එක්ක jungkook ට අමතක කරන්න පුළුවන් වෙයි කියලා joon විශ්වාස කරා...

💢💢 Knok Knok..

TV  බල බල හිටපු jungkook  එක පාරටම ගැස්සිලා  වගේ ගියේ  කවුරු හරි දොරට තට්ටු කරන සද්දේ  ඇහුන  නිසා.  එයා හිමීට  ගිහින්  දොර ඇරලා බැලුවා.... එතන හිටගෙන හිටියේ ටිකක්  තරුණ  පෙනුමක් තියන  joon ගෙ වයසේ  වගේ  කෙනෙක්... jungkook දොර ළඟ හිටගෙන  එයා දිහා බලාගෙන හිටියේ බය වෙලා  වගේ... එතන  හිටපු  කෙනත්  බලාගෙන හිටියේ  මේ පොඩි කොල්ලා   ඇස්  ලොකු  කරගෙන  බලාගෙන  ඉන්න  විදිහට  පනින්න  යන  හිනාව  පුළුවන් තරම්  තද  කරගෙන....

    "   මම  Mr.kim ගෙ   lawyer..  Jackson....මේ.. namjoon  ඉන්නවද.. .."

  " ආ... ඔව්... හියුන්  ඉන්නවා... ඉන්න  මන්  එන්න  කියන්නම්.."

         Jungkook  එක පාරම දුවගෙන ගියේ  joon ගෙ  කාමරේ  ළඟට.. දොරට  අත  තියන්න  යද්දීම   එයාට  කන  ලඟින්ම කට හඬක් ඇහුනා   ...

   "    හ්ම්.... පලවෙනි රූල් එක.... මතකද...  "

     Jungkook  පිටිපස්ස හැරිලා බැලුවා...එයාගෙ  ඔලුවට  උඩින්  වලාකුළක් උඩ   joon ගෙ  රූපෙ තිබුණා... හැබැයි  එයාව දැක්ක ගමන් Jungkook ට හිනාවකුත්  ආවා ....  එයාගෙ  කම්මුල් ,තොල් රතු  වෙලා ඇදගෙන හිටියේ සුර දූතයෙක් වගේ.. ඔලුවට උඩින්  දිලිසෙන රවුම් වළල්ලක් තිබුණා.. 

    "  මතකයි අනේ...  "

      එයා ඒ  මැවුන රූපෙට  අතින්   ගහලා  යවන්න  යද්දී ඒක ඉබේටම මැකිලා ගියා  ...  ආයිමත්  කොල්ලා හැරුණේ joon ගෙ කාමරේ පැත්තට... එයා  දොරට තට්ටු කරලා  ඒ  ඉස්සරහ  හිටගෙන  හිටියා... ටිකකින්  joon ඇරලා  එළියට  ආවේ  දොර  වහන ගමන්.... ලැබුන ඉඩෙන් ඇතුල බලන්න හැදුවත්  joon ගෙ පිරුණු ඇඟ  ඒකට ඉඩ දුන්නෙ නෑ....

   " ඇයි Jungkook... "

  " හියුන්...   ඔයාව  හම්බෙන්න  කෙනෙක්  ඇවිත්... "

     කොල්ලා ඇඟිල්ල දික් කරලා  පෙන්නුවා..

  "   කවුද  කියලා  බැලුවේ  නැද්ද..."  

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now