4

1K 248 13
                                    

"කමෝන් ජන්ග්කුක් තව ටිකක් ඇගිලි තුඩු වලින් ඉස්සෙන්න..."

"තව ටිකක් ඇනාට ලං වෙන්න ජන්ග්කුක්...අන්න හරි ! දැන් ඇනාගේ ඉනෙන් අල්ලගන්න..."

"උඩ පනිද්දි සැහැල්ලුවෙන් කකුල් දෙපැත්තට කරන්න ජන්ග්කුක්..."

"හැගීම් පෙන්නන්න ජන්ග්කුක් ! ඇනා ගැන තියෙන ආදරය පෙන්නන්න !!"

"මියුසික් එක ඇගට ගන්න ජන්ග්කුක් !! මියුසික් එකෙන් පිට යන්න එපා...ආහ් හරි ! වෙරි ගුඩ් ජියොන් ජන්ග්කුක්....දැන් ටිකක් රෙස්ට් කරන්න..!"

යුනිවසිටි එකේ කන්ටෙම්පරි ඩාන්ස් කෝච් ඩෑන් ජන්ග්කුක්ගෙ පිටට තට්ටුවක් දාලා ඇනා එක්ක එතනින් ගියාම හයියෙන් හුස්ම ගන්න ගමන් හිටිය ජන්කුක් එහෙම්ම බිම වාඩි උනා...

දිග බිත්තිය පිරෙන්නම හයි කරලා තිබුන කන්නාඩියකින් සමන්විත විශාල ඩාන්සින්ග් රූම් එකේ ජන්කුක් විතරක් තනියෙන් ඉදගෙන හිටියා...

ජන්කුක් ඩාන්සින්ග් වලට පිස්සුවෙන් වගේ ආදරේ කලා..ජන්කුක් දවසින් භාගයක් ගත කලේ ඩාන්සින්ග් රූම් එකේ...

යුනිවසිටි එකේ බෙස්ට්ම කන්ටෙම්පරි ඩාන්සර් උනේ ජන්ග්කුක් !

කාලයකට කලින් කොරියාවේ හොදම බැලේ ඩාන්සර් ගේ පුතා උන ජන්ග්කුක් කන්ටෙම්පරි ඩාන්සින්ග් වලින් හුගක් ඉදිරියෙන් හිටියා~

ජන්ග්කුක්ට ඕන වුනත් බැලේ ඉගෙන ගන්න, ඒත් මුලු උනිවසිටි එකේම බැලේ ඉගෙන ගත්තේ ගැහැනු ලමයි විතරක්ම උනා..

ඉතින් ජන්ග්කුක් ඒ අදහස අතෑරගත්තා~අතාරින්න උනා...

හේතුව !?

හේතු ගොඩයි....

ජන්ග්කුක් බිත්තියට හේත්තු වෙලා කල්පනා කරන්න පටන් ගත්තා~හැමදාම වගේ...

"තව ටිකක් ඇනාට ලං වෙන්න ජන්ග්කුක්...අන්න හරි ! දැන් ඇනාගේ ඉනෙන් අල්ලගන්න..."

කෝච් ගේ වචන කන් ඇතුලේ දෝංකාර දෙන්න ගත්තම ජන්කුක් ඇස් පියා ගත්තා....

"ජන්ග්කුකී ඔයා වෙනස් කෙනෙක් ! දන්නවද ඔයා පරිස්සම් වෙන්න ඕන ගොඩක්...අවිශ්වාසයෙන් ඔයාට තියෙන වටිනම දේ නැති කරගන්න එපා...එහෙම උනොත් හිතාගන්නවත් බැරි දෙයක් ඔයාට ලැබෙයි ජන්ග්කුක්...ඒ නිසා පරිස්සම් වෙන්න..."

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Onde as histórias ganham vida. Descobre agora